අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකුට වසර 8ක සිරදඬුවමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක රියදුරෙකුගෙන් රුපියල් 2000 ක අල්ලස් මුදලක් ලබාගැනීම ඇතුළු චෝදනා 4කට වැරදිකරු වූ පොලිස් නිලධාරියෙකුට වසර 8ක සිර දඬුවමක් පැනවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (09) නියෝග කළේය.

මෙසේ සිර දඬුවම් නියම වූයේ පිළියන්දල පොලීසියේ රථවාහන අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකුට ය.

චෝදනා 4ට රුපියල් 5000 බැගින් රුපියල් 20000ක දඩයක් ද නියම කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිලිකාර ටිපර් රථ රියදුරාට රුපියල් 50000 ක වන්දියක් ගෙවන ලෙසත් පොලිස් නිලධාරියාට නියම කළේය.

වසර 8ක සිර දඬුවම වසර 4කින් එකවර ගෙවී යන පරිදි නියම කරන බවත් මහේස්ත්‍රාත්වරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...