චමරිගේ තැන හර්ෂිතාට

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 09, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අයර්ලන්ත සංචාරයේ පළමු විස්සයි විස්ස තරගය අගෝස්තු 11 වන දා ඩබ්ලින් හී ද ආරම්භ වෙනු ඇත.මෙහිදී එංගලන්තයේ ක්‍රියාත්මක සුපිරි ක්‍රීඩිකාවන් සහභාගි වන The Hundred Women’s competition තරගාවලියට චමරිව කැඳවා ඇති නිසා මේ තරගාවලියේ විස්සයි විස්ස තරගවලදී ශ්‍රී ලංකාව මෙහෙයවීම බොහෝ විට හර්ෂිතා සමරවික්‍රමට පැවරෙනු ඇතැයි විශ්වාස කෙරේ.


මේ සංචාරයේ දී උප නායක කියා තනතුරක් නම් කර තිබුණේ නැතත්,අවසාන අවස්ථාවේදී උප නායක ලෙස කටයුතු කර ඇත්තේ හර්ෂිතා නිසා චමරිගෙන් හිස් වන නායකත්වය හර්ෂිතා වෙත පැවරීමට බොහෝ දුරට ඉඩ ඇත.චමරිගෙන් හිස් වන කොටස පිරවිම පහසු නැති වුව ද,මේ මොහොතේ දී චමරි මෙන්ම,හර්ෂිතා,නිලක්ෂි,හසිනි,විශ්මි සහ කවීශා ද පිතිකරණයෙන් මේ වන විට ගොඩ නඟාගෙන තිබෙන විශ්වාසය චමරිගේ අඩුව පිරවීමට වැදගත් වෙනු ඇත.ඒ වගේම අතිරේක කඩුලු රකින්නිය ලෙස කණ්ඩායමට එකතු වෙන කව්ශීනී නෘත්‍යංගනා තවමත් සිය පිතිකරණයෙන් වැඩ පෙන්වන්නට අපොහොසත්ව සිටින්නී වුව,ඇය පිතිකාරිණියක ලෙස ඉහළ මට්ටමක සිටියි.


චමරි ගේ අඩුවක් සහිතව පන්දු යවන්නියන් සළකා බලද්දී හර්ෂිතා නායකත්වය දැරුවොත් ඇයට සිය පන්දු යැවීමේ බල ඇණිය ශක්තියක් වනු ඇත.විස්සයි විස්ස තරග රටාවේ හොඳම පන්දු යවන්නියන් 30 දෙනා අතර ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සිව් දෙනෙකුම ඇතුළත්ව සිටියි.ඒ් අතරින් ඉනෝෂි ප්‍රියදර්ශණී 6 වන තැන පසුවෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...

නව තෙල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද?

මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...

තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේදී...