ෂීක් හසීනාට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ජූලි මස 19වන දින රාජ්‍ය රැකියා කොටවන්ට එරෙහිව බංග්ලාදේශයේ ඇති වූ සිවිල් නොසන්සුන්තවයේදී පොලිසිය විසින් පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා සහ ඇයගේ පරිපාලනයේ ඉහළ පෙළේ පුද්ගලයන් හය දෙනෙකු සම්බන්ධයෙන් ඝාතන පරීක්ෂණයක් එරට අධිකරණය විසින් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

සිල්ලර වෙළෙන්දෙකු වන අබු සයීඩ් ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලික පුරවැසියෙකු වන අමීර් හම්සා මෙම නඩුව ගොනුකර ඇති අතර හසිනාට අමතරව හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සමන් ඛාන් සහ හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ මහලේකම් ඔබයිදුල් ක්වාඩර් මෙන්ම මේ වන විට නතුරුවලින් ඉවත් ව සිටින ඉහළම පොලිස් නිලධාරීන් හතර දෙනෙකු ද අධිකරණය විසින් නම් කරන ලදී.

මේවන විට ෂීක් හසීනා ගේ විරුද්ධවාදීන් දහස් ගණනකගේ නීති විරෝධී ඝාතන ඇතුළු පුලුල්ව පැතිරුනු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඇයගේ ආන්ඩුවට චෝදනා එල්ල කර ඇති අතර ඇයට එරෙහිව සාමාන්‍ය පුද්ගලයකු විසින් ගොනු කරන ලද පළමු නඩුව මෙයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...