අද පැරා සුබයි – හෙට පැරා ….

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 15, (LNW) කොළඹ :

සමිත දුලාන් (පිරිමි F46 හෙල්ල විසිස්කිරීම) නුවන් ඉන්දික (පිරිමි T44 මීටර 100) පාලිත බන්ඩාර ( පිරිමි F42/63 යගුලිය දැමීම) ප්‍රදීප් සෝමසිරි (පිරිමි T46 මීටර 1500) , ජනනි ධනංජනා ( කාන්තා T47 දුර පැනීම ) අනිල් ප්‍රසන්න (පිරිමි T42/63 මීටර 100 ) නවීඩ් රහීම් (පිරිමි S9 මීටර 400 නිදහස් ආර පිහිනුම්) සුරේෂ් ධර්මසේන (පිරිමි රෝද පුටු ටෙනිස්)
ඉහතින් දැක් වුවේ මෙවර පැරිස් පැරා ඔලිමිපික් උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්.මේ පැරා ඔලිම්පික් තරගාවලියේ දි මේ අය පදක්කම් සටහනෙ තැනක් ලංකාවට වෙන් කරන්න තියෙන ඉඩ විශාලයි.හදවතින්ම ඒ ගැන සුබ පැතුම් එක් කරන අතරේම පැරි ක්‍රීඩාව වෙනුවෙන් මේ මොහොතේ සුභාශිංෂනවලට එහා ගිය වගකීමක් වගකිවයුතු අංශවලට තිබෙනවා.


මෙහි සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් ලෝක මට්ටමෙන් ගෙනත් දීපු පිරිස සිටින්නේ ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී ආබාධවලට ලක් වූ අයයි.දැන් යුද්ධය හමාර වි එම ආබාධිත සෙබළුන් වියපත් වෙමින් සිටින මොහොතක්.ඔවුන් ඊ ළඟ නිමේෂයේ තමන්ගේ දැණුම දිය හැකි පිරිසක් බවට පත් කිරීමේ විධිමත් සැළසුමක් අවශ්‍යයව තිබෙනවා.
එසේම පාසල් මට්ටමෙන් මෙන්ම රාජ්‍ය මට්ටමෙන් ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීමක් සහ ඒ අයට විශේෂ පැරා ක්‍රීඩා පිළිබඳ දැණුමක් ලබා දීමත් සිඳු විය යුතුව තිබෙනවා.සමහර පැරා ක්‍රීඩා සඳහා භාවිතා කරන කෘතිම පාද වැනි දේවල් ශ්‍රී ලංකාවේ නැති වීම නිසා දෙපයම අහිමි ක්‍රීඩාවට හැකියාවක් තියෙන පිරිස් අපට ක්‍රීඩාවට යොදා ගන්නට ලැබී නැහැ.මෙවැනි තවත් අඩු පාඩු තිබෙනවා.රෝද පුටු වැනි උපකරණ ද මේ ආකාරයට ගත හැකියි.
මේ උපකරණ ලංකාවට ගෙන්වීමේදී බදුවලින් නිදහස් කරන්නේනම් තව බොහෝ විජයග්‍රහණ ලැබිය හැකි යම් යම් ආබාධ නිසා රටට පලදායී සේවයක් ගත හැකි ක්‍රීඩකත්වය සිය සිරුර තුළ සඟවාගත් මිනිස්සු ක්‍රීඩාවට යොමු කළ හැකියි.මේ ගැන මේ රටේ දේශපාලන වේදිකාවල ඇහෙන්නෙ අඩුවෙන්.ක්‍රීඩාව ගැන රටම කතා කරත්,ප්‍රතිවාදියාට පහර ගැසීම මිස ක්‍රීඩාව වැනි රටේ නිරෝගි සම්පන්න ශරීර ගැන මනස ගැන තියෙන සාක්ෂිවල තත්ත්වය උසස් කිරීමේ වැඩ පිළිවෙලක් දකින්න නැහැ.


මේ රටේ ඉදිරිගමන ගැන එකිනෙකා මේ රට සුරපුරයක් කරන්නට පොරොන්දු දෙන මොහොතක ක්‍රීඩාවේ ඉන්න ආබාධිත සහ අනාබාධිත අයත් ඒ පෙරමුණු පස්සෙ වැටිලා රැලිවලට ගසා ගෙන යනවා.එහෙත් කිසිවෙක් ක්‍රීඩාව ගැන මෙන්ම ඉන් අනතුරුව සහභාගීත්වය හීන වෙමින් යන පැරා ඔලිම්පික් ක්‍රීඩාව නඟා සිටවීම සඳහා වෙනස් අවශ්‍ය්‍යතා සහිත ප්‍රජාව ගැන දකවන සැළකිල්ල සහ ගෞරවය වෙනස් කිරීමටත්,ක්‍රීඩා කුසලතා සංවර්ධනය පිණිස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමේ සිට වෙනම වැඩ පිළිවෙලක් සැකසීමත් සාකච්ඡාවට ගත යුතුව තිබෙනවා.


හැකිනම් සමස්ත ක්‍රීඩාව නිර්පාක්ෂිකව එකතු වී බලවේගයක් වී ඡන්දය වෙනුවෙන් ක්‍රීඩා සහ පැරා ක්‍රීඩා වෙනුවෙන් මේ රට එකඟ විය යුතු ප්‍රතිපත්ති මාලාවක් සකස් කර අපේක්ෂකයින්ට බලපෑම් කළ හැකිනම් වැදගත් වෙයි.ඔබ පක්ෂ ගාවට නොයා ඔබේ ප්‍රතිපත්ති ගාවට එන පක්ෂය සහ පුද්ගලයා තෝරා පත් කර ගැනීමට උනන්දු වෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සහ හිටපු ජනපති මහින්ද හිටපු ජනපතිගේ සුව දුක් බැලීමට බන්ධනාගාර රෝහලට!

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

Human Immunoglobulin ඖෂධය ගැන යළි කතා බහක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW: මේ වන විට මතුව...

ඇමරිකානු ආරක්ෂක ලේකම් එක්සත් ජනපද ආරක්ෂක බුද්ධි ඒජන්සියේ (DIA) ප්‍රධානියා ධුරයෙන් නෙරපයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට්...

සජිත් සමග එකතු නොවීමේ වන්දිය ගෙවන රනිල්!

අගෝස්තු 23, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ දේශපාලනය බොහෝ කලක...