*
Monday, October 7, 2024
spot_img

Latest Posts

අද රටේ ඇත්තේ චෞරතන්ත්‍රවාදයක්. මේ දුෂිත චෞර දේශපාලන සංස්කෘතියට නැවතීමේ ලකුණ තැබිය යුතුයි – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

රටක් ගොඩනැගීමට නම් පැහැදිලි වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් රජයක් තුළ ඉහළින් පහළට අදහස් ගලා යාම මෙන් ම පහළින් ඉහළට ද අදහස් ගලා යාමක් සිදුවිය යුතු වුවත් අද රටේ සිදුවන්නේ ඉහළින් පහළට අදහස් ගලා යන චෞර තන්ත්‍රවාදය බවත් පැය 24ම සතියේ දින 7ම දින 365ම දූෂණය, හොරකම, වංචාව, අල්ලස රටේ ඇති බවත් රටේ සෑම ගනුදෙනුවක ම හොරකම ඇති බවත් වීසා ගනුදෙනුව, පුනර්ජනනීය බලශක්ති ගනුදෙනුව, තෙල් ගනුදෙනුව ආදී ඕනෑ ම ගනුදෙනුවකින් හොරා කෑ සල්ලි ඔවුන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනය ශක්තිමත් කිරීමට යොදා ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද විවිධ කණ්ඩායම් එකට එකතු වී ඇති බවත් මේ එකතු වීම් සඳහා වයින් ස්ටෝර්ස්, බියර් බලපත්‍ර ආදී වරදාන වරප්‍රසාද ලබා දී විවිධ සහන ලබා දී විවිධ පුද්ගලයන් බිලී බා ගන්නා බවත් තමා ජනාධිපති වූ පසු ඒ ආකාරයෙන් අනීතිකව පගාවට අල්ලසට ලබා දුන් සෑම බලපත්‍රයක් ම අහෝසි කරන බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන අල්ලස්වලට සම්බන්ධ වූ දේශපාලනඥයන්ට සහ නිලධාරින්ට නීතිය හමුවේ උත්තර බැදීමට සිදුවන නිසා වැරදි දේ නොකර රට ගැන සිතා කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එසේ ම යම් අයකු දේශපාලන ගමනක් යා යුත්තේ දර්ශනයක්, ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් නිසා බවත් සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් සමඟ එකතු වූ සියලු දෙනා එකතු වුයේ මුදලට පගාවට අල්ලසට නොව ප්‍රතිපත්තිගරුකව බවත් මේ දුෂිත චෞර දේශපාලනයට මේ අධම සංස්කෘතියට නැවතීමේ ලකුණ තැබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඊයේ (17) බණ්ඩාරගම නගරයේ පැවැති විජයග්‍රාහී ජන රැළිය අමතමිනි.

“මිනිසා නොහදා රට හදන්න බෑ” යනුවෙන් මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් පැවසුවත් අද සිදුව ඇත්තේ රට හදනවා කියා ආර්ථික දියුණුව ඇති කරනවා කියා ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලකයන් සමඟ ගජමිතුරු කණ්ඩායමක් එකට එකතු වී ඔවුන්ගේ සුරසැප ජීවිත ශක්තිමත් කිරීම බවත් සංවර්ධනය හා දියුණුව ලෙස සමගි ජන බලවේගය අදහස් කරන්නේ ලක්ෂ 220ක් ජනතාවගේ සංවර්ධනය බවත් දියුණුව ලෙස ඉලක්කම් ඉදිරිපත් කිරීමෙන් ඵලක් නොවන අතර එය සෑම පුරවැසියකුටම දැනිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අද වරදාන වරප්‍රසාද සියල්ල භුක්ති විඳින්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බවත් ලක්ෂ 220ක් ජනතාව අනාථ කර මැතිවරණ සමයේ බොරු උප්පරවැට්ටි පොරොන්දු ඉදිරිපත් කර මෙවරත් රටේ ජනතාව රවට්ටන්න උත්සාහ කරන බවත් මේ අවස්ථාවේ රටේ ජනතාව තවදුරටත් රැවටෙන්න සූදානම් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

එසේම රට ශක්තිමත් කිරීමට තමා කැපවෙන බවත් විපක්ෂයේ සිට තමා සක්වල හා හුස්ම හරහා ජනතාවට සේවය කළ ආකාරයෙන්ම බලයට ලැබුණු පසු ජනතාව වෙනුවෙන් සේවාවක් ඉටු කරන බවත් මේ සෑම දෙයක්ම කළේ රජයේ මුදලින් නොව ප්‍රදානයන් සහ ආධාරවලින් බවත් සිහිපත් කළ ඒ මහතා මේ රට ගොඩනැගීමට සෘජු විදේශ ආයෝජන අවශ්‍ය බවත් සක්වල හා හුස්මින් හොර බොරු වංචා අල්ලස් සිදු නොවූ නිසා විශාල පිරිසක් මේ සඳහා උදව් කිරීමට සූදානමින් සිටින බවත් අවධාරණය කළේය.

අරගලයින් පසු දේශපාලනඥයන් විශ්වාස නොකිරීමට ජනතාව පෙළඹි ඇති නමුත් වෙනත් දේශපාලනඥයන් මෙන් නොව සමගි ජන බලවේගය විපක්ෂයේ සිට ජනතාව වෙනුවෙන් සුවිශාල සේවාවක් ඉටු කළ බවත් මහබැංකුව ස්වාධින කිරීමේ දී, අල්ලස් දූෂණ පනතට වඩා නව පනතක් ගෙනවිත් දූෂණය වළක්වා ගැනීමේ දී පවා සමගි ජන බලවේගය සුවිශාල සේවාවක් ඉටු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රටට අවශ්‍ය කයිවාරුව නොව වැඩ බවත් මේ රටට අවශ්‍ය සංදර්ශන නොව සංවර්ධනය බවත් එම නිසා කියන දේ කරන කතාව මහපොළොවේ යථාර්ථය බවට පත් කරවන සංවර්ධන යුගය බිහි කරන බවත් සුහුරු තාක්ෂණය තුළින් සෑම ක්ෂේත්‍රයක්ම සවිබල ගන්වන බවත් නව දැනුම ක්‍රමෝපාය සහ තාක්ෂණ උපකරණ ලබා දී නිෂ්පාදන ධාරිතාව වර්ධනය කර රටේ ආර්ථිකය වර්ධනය කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan