රන් කුසලාන අම්පාරට සහ රදාවාන ට

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 18, (LNW) කොළඹ :

අවුරුදු 25 න් පහළ ඩයලොග් ජනාධිපති රන් කුසලාන පිරිමි සහ කාන්තා වොලිබෝල් සූරතා පිළිවෙළින් රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම සහ අම්පාර මාස් කණ්ඩායම අත් කර ගන්නට සමත් විය.


පිරිමි අවසාන තරගයේ දී ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම විසින් වට 3-0 ක් ලෙස රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය පරාජය කරමින් සූරතාවය අත්පත් කර ගැනීමට සමත් වෙනවා.එහිදී ලකුණු තත්ත්වය සටහන් වූයේ ලකුණු 25- 20,25-18 සහ 25-11 ක් ලෙසයි.


කාන්තා අවසාන තරගය වට 4 ක් දක්වා දිගු වෙනවා.අනු සූරතාවය දිනූ ගලගමුව හයිඩ්‍රාමනී කණ්ඩායම අම්පාර මාස් කණ්ඩායමට එරෙහිව තරගයේ පළමු වටය 25-19 ක් ලෙස ජය ලබනවා.එහෙත් ඉන් අනතුරුව මාස් කණ්ඩායම ඉතිරි වට 3 ලකුණු 25-22,25-11 සහ 25-23 ක් ලෙස ජය ගැනීමට සමත් වෙනවා.


අවසාන තරගය සඳහා පැමිණි කාන්තා කණ්ඩායම් දෙකම ඇඟළුම් කර්මාන්තය සම්බන්ධ ආයතන හරහා පැමිණි කණ්ඩායම් වීම මෙහිදී විශේෂ කොට සැළකිය හැකියි.ජාතික ක්‍රීඩාවේ හිත සුව පිණිස ලංකාවේ ඇගළුම් කේෂ්ත්‍රයේ මැදිහත්වීම මෑත කාලය තුළ දකින්නට ලැබෙන සුවිශේෂී තත්ත්වයක් වන අතර ජාතික ක්‍රීඩාව නඟා සිටිවීමේ උවමනාව ඇතිව රජයකට මැදිහත් විය හැකිනම් රටේ ක්‍රීඩාවට පහසුකම් සපයන ඇගළුම් කර්මාන්ත ශාලා සඳහා යම් ආකාරයක බඳු සහන ආදිය ලබා දී ක්‍රීඩාව ප්‍රවර්ධණයට දායක වන්නට හැකියි.


තරගයේ විශේෂ දක්ෂතා සඳහා ඇගයීම් ලද ක්‍රීඩක ක්‍රීඩිකා නාම ලේඛණය ඡායාරූප ආකාරයට පහත දක්වා තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...