“Global Architecture: තරුණයින්ට ජාත්‍යන්තර සබඳතා පිළිබඳව අධ්‍යාපනය ලබා දීමේ අත්පොත” එළිදැක්වීම!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 19, කොළඹ (LNW):

ජාත්‍යන්තර ආයතන, නීති සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අප වැනි සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්ට එරෙහිව ක්‍රියාත්මක වන බවට වන බිය සැක ප්‍රවර්ධනය කරන යුගයක, අප විසින් අපෙන්ම විමසිය යුත්තේ එසේනම් මීට යෝග්‍ය වෙනත් හෝ වඩා හොද විකල්ප මොනවාද? යන්නයි. එයට වෙනත් යෝග්‍යය විකල්ප නොමැති නම් අප කල යුත්‍තේ මෙම ක්‍රමවේදවල අඩුපාඩු තිබිය හැකි නමුත්, ඒවා ප්‍රතික්ෂේප කිරීම වෙනුවට, ගෝලීය සාමය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ ඒවායේ තීරණාත්මක කාර්යභාරය සැලකිල්ලට ගනිමින් ඒවා වැඩිදියුණු කිරීමට රාජ්‍යයන් සහ තනි පුද්ගලයන් ලෙස දායක වීමයි.

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සහ ජාත්‍යන්තර සංවිධාන අත්හැර දැමීම, ජාතීන් අතර එක්සේසත්භාවය, අවබෝධය සහ මානව ප්‍රගතිය ප්‍රවර්ධනය කරන යාන්ත්‍රණයන්ගෙන් තොර ලෝකයකට අප ගෙන යනු ඇත.ඒ අනුව ගෝලීය සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරමින්, 2024 අගෝස්තු 13 වන දින, “Global Architecture: තරුණයින්ට ජාත්‍යන්තර සබඳතා පිළිබඳව අධ්‍යාපනය ලබා දීමේ අත්පොත” එළිදැක්වීම සිදු විය. මෙම නව්‍ය මූලාරම්භය ශ්‍රී ලාංකික තරුණයින් සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර පවතින පරතරය පියවීමටත්, ජාත්‍යන්තර සබඳතා වඩාත් ප්‍රවේශ්‍ය හා සර්වග්‍රාහී කිරීමටත් අරමුණු කරයි.

මෙම කෘතිය එළිදැක්වීමේ උත්සවයේ, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාද,

ආරාධිත අමුත්තන් ලෙස, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝර්බැක් මහත්මිය,

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ස්විට්සර්ලන්ත තානාපතිනි, ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය,

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩා මහ කොමසාරිස් එරික් වෝල්ෂ් මහතා, සහ ශ්‍රී ලංකාව සඳහා වන දකුණු අප්‍රිකා මහ කොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂෝක් මහතා, ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

මෙම කෘතියේ අන්තර්ගතය ඕනෑම පසුබිමකින් පැමිණෙන තරුණයෙකුට අවබෝධ කරගත හැකි ආකාරයට වැඩි දියුණු කිරීමට, එනම් ක්‍රියාකාරකම් ආදිය අන්තර්ගත කරමින් වැඩ මුළුවකදී අන්තර්ජාතික සබදතා පිළිබද තරුණයන්ව දැනුවත් කල හැකි ආකාරයටද මෙම කෘතිය සකස් කිරීමට Malin Sadeepa Rathnayaka, Tharanga Wijayaweera, Sandhya Dissanayake, Shan Hettigoda, Chathu Jayasooriya යන අය ලිබරල් තරුණ ව්‍යාපාරය නියෝජනය කරමින් මෙන්ම නීති, සමාගම්, විශ්ව විද්‍යාල, තොරතුරු තාක්ෂණ සහ සමාජ සේවා අංශ නියෝජනය කරමින් දායක වූහ.

අපගේ වෙබ් අඩවිය වන Lanka News Web ආයතනය නියෝජනය වන පරිදි මෙම වටිනා දුර්ලභ අවස්තාවට මෙම කෘතියෙහි අන්තර්ගත ක්‍රියාකාරකම් වෙනුවෙන් මා හට ද අවස්තාව හිමි වීම සහ LNW නාමය ජාත්‍යන්තරයට ගෙනයාමට හැකිවීම ඉතාම භාග්‍යක් කොට සලකමි.

ගෝලීය සහයෝගීතාවය වැඩි අවස්ථා, පුළුල් අත්දැකීම් සහ පුද්ගල හා ජාතික සංවර්ධනය අත්පත් කරදෙන බවට විශ්වාස කරන ලිබරල් තරැණ ව්‍යාපාරය වඩාත් සම්බන්ධිත ලෝකයක් උදෙසා කැපවී සිටියි. ඒ අනුව අන්තර්ජාතික ප්‍රජාව සහ ශ්‍රී ලාංකික තරුණයා අතර පවතින දුරස්ථභාවය බිඳ දමමින්, ජාත්‍යන්තර සබඳතා සර්වග්‍රාහී කිරීමට සහ වැරදි අවබෝධයන් මකා දැමීමට කැපවී සිටියි.

මෙම විශිෂ්ට ගමනේ කොටස්කරුවන් වීමට ලිබරල් තරුණ ව්‍යාපාරයට ආරාධනා කිරීම සහ මෙය ආරම්භ කිරීම පිළිබඳව Nextgensl ආයතනයට ස්තුතිවන්ත වෙමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...