*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

තලතා මන්ත්‍රීතුමිය කළේ ජාතික මෙහෙවරක්!

කොළඹ LNW:ඊයේ දිනයේදී තලතා මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සිදුකළේ ජාතික මෙහෙවරක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා පැවසුවේය.

ඒ, අද (22) පුළුවන් ශ්‍රී ලංකා වෙනුවෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

21 වැනිදාට ඇත්තේ වැඩියෙන් බොරු කියන නායකයා තේරීම නොවන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

”ඊයේ පාර්ලිමේන්තුවේ විශේෂ සිදුවීමක් සිදු වුණා. තලතා අතුකෝරල මැතිණිය ඉල්ලා අස්වුණා. ඒක සංවේදී කතාවක්. සැප්තැම්බර් 21 තියෙන්නේ වැඩියෙන් බොරු කියන නායකයා තෝරන එකක් නෙවෙයි. කෘතීම රැල්ලක් මවමින් රට අනතුරට ලක් කරන්න හදනවා. ගැන තලතා මැතිණිය ප්‍රකාශ කළා සමගි ජන බලවේගයේ නායකතුමා ගැන ඒ පක්ෂයේ කෙනෙක්ම කීම වැදගත්. එතුමිය කළේ ජාතික මෙහෙවරක්. 2022 මේ රටේ ජාතික ආරක්ෂාවෙ ගැටලුවක් ආවා.වර්තමාන ජනාධිපතිතුමා යම්තාක් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළා. මේ ඉන්න අන් කිසිදු නායකයෙක් නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා අපිට පේන්න නෑ. රනිල් ජනාධිපතිතුමා එතුමාගේ වැඩපිළිවෙළ නීතියක් බවට පත් කරමින් වැඩ කරනවා. ත්‍රිවිධ හමුදා සේනාංකයක් හදන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කරනවා. මේ ගැන අපිට සැකයි. රට තිබෙන්නේ ලොකු අනතුරක. 21 වෙනිදායින් පස්සේ අපි උඹලා ගැන බලාගන්නම් කියලා කියන තත්ත්වයට පත් වෙලා. ඒ නිසා ජනතාව දැන් කතා කරන්නත් බයයි. යම්කිසි අනතුරක් රටට කිරීමේ අවධානමක් තිබෙනවා. විශ්‍රාමික හමුදා නිලධාරීන් දාන කොමෙන්ට් ගැන බැලුවම අනතුරුදායක තත්ත්වයක් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට භාරනොගත්තා නම් අද මේ රට ලේ විලක් වෙලා. ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇරෙන්න වෙන කවුරු බලය ගත්තත් මාස හයක් යනකොට මේ රට ලේ විලක් වේවි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තානාපති කාර්යාලවලට අවශ්‍ය විදියට නැටවෙන්නේ නෑ. ”පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන වෙනුවෙන් සහය දෙන විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසයි ස්ථාන රැසක මාධ්‍ය හමු තියන්නේ. කාර්යාල නම් තව වැඩි වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය ඉන්නේ අපි එක්ක.
රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහයදෙන්න එපා කියලා බැසිල් මහත්තයා කියලා නෑ.”
යනුවෙන් මධුර විතානගේ මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan