ගිය අය නැවත අවශ්‍ය නැහැ. අපට ශක්තිමත් දෙවන පෙළක් ඉන්නවා – පොහොට්ටු ලේකම්

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය අය නැවත එක්කර ගැනීමේ සූදානමක් නැති බව ශ්‍රී ලංකා පොදුන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.

ජනතාවට අවශ්‍ය නැත්නම් තමන් ඒ සැලුන් දොර වාහන බවට මහින්ද රාජපක්ෂ මහතාද පැහැදිලිව කියා තිබෙන බවයි ලේකම්වරයා සඳහන් කළේ.

පක්ෂය හැර ගිය අය වෙනුවට ශක්තිමත් දෙවන පෙළක් සිටින බවද ඔහු අවධාරණය කරන ලදී.

”එතුමන්ලව නැවත ගන්නේ නැහැ. අපිට දෙවන පෙළක් එකතුවෙලා ඉන්නවා. ශක්තිමත් දෙවන පෙළක්. ඒ දෙවන පෙළ අපිට ඔප්පු කරලා පෙන්වල තියෙනවා අතහැරලා ගිය අය නැති වුණාට ඊට වැඩිය ශක්තිමත්ව හොඳින් කරන්න පුළුවන් කියල. ඒක තමයි අපට අවශ්‍ය වෙලා තිබුණ දේ. මහින්ද රාජපක්ෂ මහත්තයා පැහැදිලිව කිව්වනේ ජනතාවට එපා නම් මම ඒ සැලුන් දොර වහනවා කියල.” යනුවෙන් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...

පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...