රාජ්‍ය විසින් බුදුදහම රැකගැනීම සහ රාජ්‍යයෙන් බුදුදහම රැක ගැනීම

Date:

බුදුදහමට කරන්න පුළුවන් ලොකුම ගෞරවය ඒක දේශපාලනයෙන් ඈත් කරල තිබීමයි කියල අනුර කුමාර සහෝදරය කියල තිබ්බ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ.

ඇත්තටම ඔය රාජ්‍ය අනුග්‍රහය කියන එකේ දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් තමා ආගම දේශපාලනික වැඩවලට පාවිච්චි කරන එක. මං හිතන්නෙ මෑත භාගයෙ ඒක තමා වැඩිපුරම වෙලා තියෙන්නෙ. ඒක ඇත්තටම ආණ්ඩු විතරක්ම නොවේ කරන්නෙ. අනුර කුමාර සහෝදරයගෙ පක්ෂයෙ අයත් කරනවා. දැං ඔය සිවුරු ඇදගත්ත හාමුදුරුවරු උද්ඝෝෂණ කරන ඒව එහෙමත් ඒකට අයිතියි. එතනදිත් සිවුර පාවිච්චි වෙනවා. ජවිපෙ කට්ටිය ඉස්සර පංසල්වල ආයුධ හැංගුව කියන එකත් ප්‍රසිද්ධ කතාවක්. අන්තිමට ඒ නිසාමද මන්ද හාමුදුරුවරු ගොඩකට ‘ධර්ම චක්‍රයේ’ යන්නත් සිද්ධ උනා.

ඊයෙ පෙරේදා කුලපති හාමුදුරුවෝ පත් කරපු එකත් ඒ වගේ වැඩක් තමා කොච්චර උනත්. අර සිසුන් තර්ජනය කරේ කවුරු හරි හාමුදරුනමකටනෙ. ඒ හාමුදුරුවො ඒකට පාවිච්චි කරපු එක ආණ්ඩුවෙ දේශපාලනික ප්‍රොජක්ට් එකක්. ඒකට විරුද්ධ උන අයත් කරේ දේශපාලනික ප්‍රොජක්ට් එකක්. එක රටක් එක නීතියක් එකේ ප්‍රධාන හාමුදුරුවොත් දේශපාලනිකව පාවිච්චි කරනවා සිවුර හරහා. ඒ විතරක් නොව හිරු චැනල් එකේ කාලයක් ලොකුවටම ආපු ‘වොයිස් කට් නිකාය’ එහෙමත් මෙතනදි මතක් නොකර බෑ.

කෙසේ වෙතත් ව්‍යවස්ථාවෙ තියෙන බුදුදහම පෝෂණය කරන එක රාජ්‍යයෙ වගකීමය කියන එක ඉතාම වැදගත් වගන්තියක් කියල සාමාන්‍ය පිළිගැනීමක් තියෙනවා. එහෙමයි කියල කරන්න ඕන මොනවද කියල කියලත් නෑ. දැං මේක අයින් කරා කියල මහලොකු වෙනසක් වෙයි කියල මංනං අවංකවම හිතන්නෙ නෑ. ඕන්නං තියන්නත් පුළුවන්. නමුත් ඇත්තටම බිමේ වෙන දේ බැලුවම දහම් පාසල්, පිරිවෙන් ආදියට රාජ්‍ය අනුග්‍රහයක් තියෙනවා. ඒ හැරෙන්න යම් විශ්ව විද්‍යාල පීඨ ආදියට රාජ්‍ය අනුග්‍රහයක් තියෙනවා (භික්ෂු විශ්ව විද්‍යාලයක් එහෙම මං හිතන්නෙ අනුරාධපුරයෙ තියෙනවා).

හැබැයි මේවයෙන් අපේක්ෂිත දේ වෙනවද කියන එක වෙනම කාරණයක්. සාමාන්‍යයේන රාජ්‍ය විසින් මෙහෙයවෙන හැම එකකම තියෙන ප්‍රශ්න මේවයෙත් තියනවා. විද්‍යෝදය විදාලාංකාර පිරිවෙන්වල වෙච්ච වැඩේ අද රාජ්‍යයෙන් නඩත්තු වෙන ආයතනවලින් වෙනවද කියන එක ප්‍රශ්නයක්.

කොටින්ම රාජ්‍ය ආගමේ ගැලවුම්කාරුවා කියල හිතන එකම ගැටළුවක් මං හිතන්නෙ. නමුත් බොහෝ බෞද්ධයන්ගෙ මෙන්ම භික්ෂූන් වහන්සේලා තුළත් මෙවැනි මතයක් තියෙනවා. එනම් බුදුසසුන ආණ්ඩුවෙන් ඇවිල්ල, කවුරු හරි ඉන්න ජනාධිපතිතුමා ඇවිල්ල බේරල උඩින් තියන්න ඕන වගේ අදහසක්. මෙතනනං ඇත්තටම තියෙන්නෙ ආගම දේශපාලනයට සහ රාජ්‍යයට යට වීමක්. මේ වගේ මතයක් ඇතිවෙන්න ඓතිහාසික හේතුත් තියෙනවා.

මේක එක අතකින් සෙකියුලර් ආගිව්මන්ට් එකක් වගේ පේන්න පුළුවන්. නමුත් බුදු දහමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා කියන එක එදාටත් වඩා අද දෙපැත්ත කැපෙන පිහියක් විදියට පාවිච්චි වෙනවා.

ජාතික චින්තනයට අටුවාවක්

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි වසරේ විභාගයන් ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : ඉදිරි 2026 වර්ෂයේදී...

නේපාලය විදේශිකයින්ට යළි වීසා පහසුකම් ලබාදෙයි!

කොළඹ LNW:ඉන්දියානු නේපාල සොනාලි දේශ සීමාව ඔස්සේ ගමන් කරන...

නදීශාට හොඳ අවස්ථාවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...

අපහසු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව කෙතරම් ශක්තිමත්...