නාමල් බදු ප්‍රතිපත්තිය සංශෝධනයකට සූදානමින්!

Date:

කොළඹ LNW:මෙරට ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය ජනතාවට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් ලෙස වෙනස් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම එය සරළ වනවා සේම තාක්ෂණයට බද්ධ අකර බදු ගෙවන ප්‍රමාණය වැඩිකරගැනීම අවශ්‍ය බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන් පෙරමුණ විසින් යෝජනා කරන ප්‍රතිපත්තිය කෙටි කාලීන වැඩපිළිවෙලක් නොවන අතර එය වසර පහද,දහයද, පහළවද යන කාල සීමාව තුළ වෙනස් නොවන එකක් බවයි ඔහු පවසන්නේ.

”සැප්තැම්බර් මාසේ 22 වැනිදා එළිවෙලා අපි පිහිටුවන ආණ්ඩුවක් තුළ මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 නවත්වපු තැනින් රට ඉදිරියට ගෙන යාමේ වගකීම අපි භාරගන්නවා කියන එක ඔබ තමුන්නාන්සේලාට මතක් කරනවා. දරන්න පුළුවන් බදු ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. වර්තමානයේ අපි දකිනවා ඉතාම අසාධාරණ විදිහට බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. ඒ හින්දා අපි විශ්වාස කරනවා අපේ බදු ප්‍රතිපත්තිය සරළ වෙනවා වගේම මිනිස්සුන්ට දරාගන්න පුළුවන් බදු වර්ග බදු ප්‍රතිශතයක් ක්‍රියාත්මක කරනවා වගේම තාක්ෂණයට පරිවර්තනය කරලා බදු ගෙවන ප්‍රමාණය වැඩිකර ගැනීමේ වැඩපිළිවෙලක් ඊලඟ වසර තුන හතර තුළ ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපි යෝජනා කරන්නා වූ ප්‍රතිපත්ති මාලාව ඊළඟ අවුරුදු පහද දහයද පහළවක්ද යන කාලසීමාව ඇතුළත වෙනස් නොවන ප්‍රතිපත්ති මාලාවක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...

කෙහෙළියගේ පවුල ගොණු කළ පෙත්සම් තුනක් නිෂ්ප්‍රභා වෙයි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත්...