ජීවන් තොණ්ඩමන් ඇමතිකමින් ඉල්ලා අස්වෙයි – ලංකා කම්කරු කොංග්‍රසයත් ආණ්ඩුවෙන් ඉවත් වෙයි!

Date:

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ලංකා කම්කරු කොංග්‍රසය වත්මන් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ සිටීමට තීරණය කළ බව එම පක්ෂයේ නව නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසයි.

ඒ අනුව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවට නිවේදනය කළ ආණ්ඩු පාර්ශවයේ දෙවන කණ්ඩායම ලංකා කම්කරු කොංග්‍රසයයි.

මීට ඉහත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවට නිවේදනය කර තිබිණි.

රට තුළ පවතින දේශපාලන අස්ථාවරභාවය හමුවේ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ බහුතර බලය අහිමි වනු ඇති ද යන සංවාදය මේ වන විට ගොඩනැඟෙමින් පවතී.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...