ජීවන් තොණ්ඩමන් ඇමතිකමින් ඉල්ලා අස්වෙයි – ලංකා කම්කරු කොංග්‍රසයත් ආණ්ඩුවෙන් ඉවත් වෙයි!

Date:

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ලංකා කම්කරු කොංග්‍රසය වත්මන් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ සිටීමට තීරණය කළ බව එම පක්ෂයේ නව නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසයි.

ඒ අනුව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවට නිවේදනය කළ ආණ්ඩු පාර්ශවයේ දෙවන කණ්ඩායම ලංකා කම්කරු කොංග්‍රසයයි.

මීට ඉහත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවට නිවේදනය කර තිබිණි.

රට තුළ පවතින දේශපාලන අස්ථාවරභාවය හමුවේ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ බහුතර බලය අහිමි වනු ඇති ද යන සංවාදය මේ වන විට ගොඩනැඟෙමින් පවතී.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...