පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එන සතියේ!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ (LNW):

ලබන මස පළමු සතිය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතව තිබේ.

එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ප්‍රකාශ කළේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ අවසන් කටයුතු මේ දිනවල සිදුවන බවය.

තවද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසන්නේ, සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරමින් එය ආරක්ෂා කිරීමට පියවර ගතයුතු බවයි.

නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් මෙම අදහස් පළ කළේය.

“සමෘද්ධි ව්‍යාපාරය ගැන මෙයාලා වැරදි මතයක් යවනවා. සමහර නායකයෝ හිතනවා අපේ හාමුදුරුවනේ සමෘද්ධි ව්‍යාපාරය අසාර්ථකයි කියලා. මේ රටේ ජනතාව දුප්පත්කමින් මුදවා ගත්තේ සමෘද්ධිය. අපි විශ්වාස කරනවා මේ රටේ සමෘද්ධි ව්‍යාපාරය අපි ආරක්ෂා කරන්න ඕනේ. සමෘද්ධිලාභියාගේ දරුවා ගැන, තාක්ෂණය, කෘෂිකර්මාන්තය වෙන්න පුළුවන් ලෝකයේ රැකියා වෙළෙඳපොළ වෙන්න පුළුවන් ඒ රැකියා වෙළෙඳපොළට සරිලන රැකියාවක් හොයලා දිලා සමෘද්ධියෙන් ඔවුන්ව එළියට ගන්න ඕනේ. අපි සමෘද්ධි ව්‍යාපාරය ආරක්ෂා කරනවා විතරක් නෙමෙයි, සමෘද්ධිලාභියාව ව්‍යවසායකයෙක් බවට පත්කරන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු අපි ක්‍රියාත්මක කරනවා.” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්!

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත...

මැලේසියාවේ දී හොඳම පිතිකරු සම්මානය ආනන්දයේ දිලේන්ට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ජාතික කනිෂ්ඨ අංශයේ ගොල්ෆ්...

ශ්‍රී ලංකාව වෙනුවෙන් හදවත උණු වූ බ්‍රිතාන්‍ය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : සිදු වූ ආපදාවෙන්...

ආපදාවෙන් බාධා වූ මාර්ග 256න් මාර්ග 252ක් මේ ගමනාගමනයට විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...