ශ්‍රී ලංකා ‘ඒ’ පසිඳු ගේ මෙහෙයවීමෙන් දකුණු අප්‍රිකාවට

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 28, (LNW) කොළඹ :

පසිඳු සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියා.ඒ නිල නොවන ටෙස්ට් සහ එක්දින තරග ඇතුළත් සංචාරයක් සඳහායි.පළමුව එක්දින තරග 3 ක් සහ දෙවනුව සිව්දින නිල නොවන ටෙස්ට් තරග දෙකක් ලෙස සැළසුම් වී ඇති මේ සංචාරයේ දී පසිඳු සූරිය බණ්ඩාරගේ නායකත්වය යටතේ තරග වඳින කණ්ඩායමට එක්දින සහ නිල නොවන ටෙස්ට් තරග යන දෙ’අංශයෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට පහත සඳහන් ක්‍රීඩකයින් ඇතුළත් කර තිබෙනවා.


ලහිරු උදාර,පවන් රත්නායක,නුවනිඳු ප්‍රනාන්දු,ෂොනාල් දිනූෂ,චාමික ගුණසේකර,මොහොමඩ් සිරාස්,වනුජ සහන්,ඒෂාන් මාලිංග සහ දිනුර කළුපහන.


එක්දින කණ්ඩායමට පමණක් ඇතුළත් වන ක්‍රීඩකයන් වන්නේ කමිල් මිශාර,සහන් ආරච්චිගේ,දුශාන් හේමන්ත,චමිඳු වික්‍රමසිංහ සහ කවිඳු නදීශාන් යන අයයි.මෙහිදී ජාතික එක්දින කණ්ඩායමේ ස්ථානයක් හිමි ජනිත් ලියනගේ සිව්දින තරග සඳහා පමණක් නම් කර තිබෙනු දැකිය හැකියි.ඔහු සමඟ නිල නොවන සිව්දින තරග සඳහා පමණක් නම් කර තිබෙන සෙසු ක්‍රීඩකයින් වන්නේ අශාන් වික්‍රමසිංහ,නිශාන් පීරිස්,ඉසිත විජේසුන්දර,ඔෂධ ප්‍රනාන්දු සහ විශාද් රන්දික යන අයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...