බලාපොරොත්තුවෙන් හිටපු දවස ඔන්න එනවා.සැප්තැමබර් 21 ජනතාවගේ ආණ්ඩුවක් හදමු – ටිල්වින්

Date:

කොළඹ LNW:සමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටි දිනය එළඹෙන සැප්තැම්බර් 21 උදාවන අතර එදිනට මාලිමාවට ජන්දය පාවිච්චි කර ජනතාවගේ ආණ්ඩුවක් සෑදීමට එක්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

එම දිනය උදා කිරීම වැළැක්වීමට දැරූ සියලු උත්සාහයන් පරාජය වී තිබෙන අතර සැප්තැම්බර් 21 රටේ ඉතිහාසය අලුතෙන් ලියවෙනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

”අපි අවුරුදු ගාණක් තිස්සේ බලාගෙන හිටියා අපේ මේ සමාජය අපේ රට දුප්පත් කරපු ජනතාව දිළිඳු කරපු වංචා දුෂණ වැඩි කරපු සමාජය සහ මේ සමාජ ක්‍රමය වෙනස් කර ගැනීමේ දිනයක් පිළිබඳව. දින ගැන ගැන හිටියේ. අන්න එහෙම යහපත් සමාජයක් හදන්න අපේක්ෂා දල්වා ගෙන බලාගෙන හිටපු දින ගනිමින් හිටපු ජනතාවට වළක්වන්න හදපු සියලු උත්සාහයන් නතර වෙලා දිනය ඇවිල්ලා තියෙනවා. ඒ දිනය තමයි සැප්තැම්බර් මාසේ 21. රට වෙනස් කරන දවස. අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න පටන් ගන්න දවස. ජනතාව තමන්ට බලය අරගෙන සැබෑ පාලනයක් නිර්මාණය කරන දවස සැප්තැම්බර් 21. අන්න එදාට ජන්දේ දීලා මාලිමාවේ ආණ්ඩුවක්,අනුර දිසානායක සහෝදරයා ජනාධිපති කරලා ජනතාවගේ ආණ්ඩුවක් හදන්න තමයි අපි කවුරුත් ඇවිල්ලා ඉන්නේ.” යනුවෙන් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...