*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

උපයනවිට බද්ද සංශෝධනයට IMF සමග එකඟතාවක්. කඩිනමින් ඒ සහනය දෙනවා – ජනපති රනිල්

සටහන – රුවන් නෙළුගොල්ල

ජනතාවට විශාල ගැටලුවක්ව ඇති උපයන විට ගෙවන බද්ද සංශෝධනය කිරීමට රජය මේවන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ ඇති බවත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම සහනය කඩිනමින් ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බදු අඩු කර ජනතාවගේ ජීවන බරද අඩු කරන බවට ඉටු කළ නොහැකි පෙරොන්දු සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක ජනතාවට ලබා දෙමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන් පෙන්වා දෙන මාර්ගයේ ගමන් කළෙහොත් නැවතත් ගෑස් නැති, ඉන්ධන නැති සහ ඖෂධ නැති මගක ගමන් කිරීමට ජනතාවට සිදුවන බව ද කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (28) පස්වරුවේ ඇහැලියගොඩ නව වෙළෙඳපොළ අසළ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිතිවරයා මෙසේද පැවසීය,

“මම මීට පෙර ඇහැළියගොඩට පැමිණ රැස්වීම් පවත්වා තිබෙනවා. එවිට මේ දේශපාලන වේදිකාවල සිදුවූයේ එකිනෙකාට දොස් පැවරීම සහ විවේචනය කිරීම පමණයි. නමුත් අද අපි සියලුදෙනා සිටින්නේ එකම වේදිකාවකයි. අප සියලුදෙනා එක වේදිකාවකට පැමිණියේ රට බේරා ගැනීම වෙනුවෙන් එක්වීමට තීරණය කළ නිසයි.

ගෑස්, ඖෂධ සහ මුදල් නැති කාලයේ අපි සියලුදෙනා එකට එකතුවෙලා රට ගොඩගත්තා. අවාසනාවට මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජන බලවේගය සහ මගේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායත්වයයෙන් යුත් සමගි ජන බලවේගය අප සමග එක් වුණේ නැහැ. අප එකට එකතුවුණේ හොරකම් කරන්න කියලා ඔවුන් කිව්වා. ඔවුන්ගේ සහ අප අතර වෙනසක් තිබෙනවා. ඒ අපි පක්ෂයට ලැදි වගේම දේශපාලනඥයන් ලෙස රටටත්, ජනතාවටත් ලැදිව කටයුතු කරනවා. ඔවුන් පක්ෂය ගැන සිතා කටයුතු කරනවා.

මම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ පසුගිය වසර දෙක තුළ මේ රට ගොඩනැගීම වෙනුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ජන වරමක් ඉල්ලීමටයි.

මේ රටේ ජන බලවේග දෙකක් තිබෙනවා. කොපමණ වේගයෙන් ගියත් ඔවුන්ට ජනතාවගේ වේදනාව තේරෙන්නේ නැහැ. නමුත් අපට ජනතාවගේ වේදනාව තේරුණා. ඒ නිසා අපි අද රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කර තිබෙනවා. අප පසුගිය වසර දෙක තුළ ක්‍රමානුකූලව බඩු මිල අඩු කර ජනතාවට සහන ලබා දුන්නා. නමුත් ජනතාවට තවදුරටත් සහන ලැබිය යුතු බව අප දන්නවා. ජනතාවට මෙම සහන ලබාදිය යුත්තේ රුපියල ශක්තිමත් කරමින් ක්‍රමානුකූලව ආර්ථිකය ඉදිරියට ගෙන යාමෙන් පමණයි.

රුපියලේ අගය ඉහළ යාමත් සමග බඩු මිල අඩු කර ජනතාවට සහන ලබාදීමට හැකියාව ලැබෙනවා. අප ඉදිරියට යා යුත්තේ මේ මාර්ගයේ පමණයි. උපයන විට ගෙවන බද්ද අද විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. එය සංශෝධනය කිරීමට අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප එකඟ වී තිබෙනවා. එම මූලික තීරණය අප මේ වන විටත් ගෙන අවසන් බව කිවයුතුයි. ඒ පිළිබඳ අප යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර ඔවුන්ද යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම යෝජනා දෙක පිළිබඳ සාකච්ඡා කර එකඟතාවකට පැමිණි පසු එම සහනය ජනතාවට ලබා දෙනවා.

මම මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් වන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ජනතාවගේ ජිවන වියදමට ද සහන ලබාදීමටයි. ජනතාවට බදුවලින් මෙන්ම ජීවන වියදමින් සහනයක් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකර දීමට අප කටයුතු කරනවා. ලංකාව සීග්‍රයෙන් දියුණු කර ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට අප කටයුතු කරනවා. එම සැලැස්ම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස හෙට ඉදිරිපත් කරනවා.

අද අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස කියනවා බදු අඩු කර ජනතාවට සහන දෙනවා කියලා. බදු අඩු කර ජනතාවට සහන ලබාදිය හැකිද, බදු අඩු කළ විට රජයේ ආදායම් අඩු වෙනවා. එවිට එම මුදල් පියවාගත නොහැකිව උද්ධමනය ඉහළ යනවා.

එසේනම් ආදායම් අඩු වී වියදම් වැඩි වූ විට රටේ ආර්ථිකයකට මොකද වෙන්නේ. රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. ඒ නිසා ආදායම් අඩු කර වියදම් වැඩිකර රටේ ආර්ථිකය පවත්වාගෙන යන්නේ කෙසේද කියා අනුර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා රටට කිව යුතුයි. එම මාර්ගය ගෑස් නැති, ඉන්ධන නැති, ඖෂධ නැති තැනකට රට ගෙන යන මාර්ගයක් බව ජනතාව අවබෝධ කරගත යුතුයි. ඒ බව මතක තබා ගනිමින් කටයුතු කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan