ඉන්දියාවෙන් බෙහෙත් ගෙන්වීම ගැන ජනපතිගෙන් තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 30 , කොළඹ (LNW):

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණට ඊයේ (29 වැනිදා ) උපදෙස් ලබා දී ඇත්තේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ ඉන්දියාවෙන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න විසින් මේ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමෙන් පසු පැවැති මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී බව පැවසේ.

ඖෂධ ආනයනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන් සිටියදී ඉන්දියාවේ සමාගමකින් ඖෂධ ආනයනය කිරීම තුළින් මෙරට සැපයුම්කරුවන් අධෛර්යමත් වන බව මන්ත්‍රිවරයා පෙන්වා දී ඇති අතර, මේ පිළිබඳ ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණගෙන් කරුණු විමසා එම තීරණය අත්හිටුවන ලෙස දැනුම් දී ඇත.

ඊට සෞඛ්‍ය ඇමතිවරයාද එකඟත්වය පල කළ බව පැවසේ, ඉන්දියාවෙන් ඖෂධ ආනයනය කිරීමේ තීරණයට එරෙහිව සෞඛ්‍ය වෘත්තිය සමිති ඖෂධ ආනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය, දේශීය ඖෂධ නිෂ්පාදකයන් මෙන්ම ශ්‍රී ලංකාවේ පෙරටුගාමී පක්ෂය ද විරෝධය පළ කරමින් මාධ්‍ය හමු පසුගියදා පවත්වනු දක්නට ලැබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...