ඉන්දියාවෙන් බෙහෙත් ගෙන්වීම ගැන ජනපතිගෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 30 , කොළඹ (LNW):

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණට ඊයේ (29 වැනිදා ) උපදෙස් ලබා දී ඇත්තේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ ඉන්දියාවෙන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න විසින් මේ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමෙන් පසු පැවැති මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී බව පැවසේ.

ඖෂධ ආනයනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන් සිටියදී ඉන්දියාවේ සමාගමකින් ඖෂධ ආනයනය කිරීම තුළින් මෙරට සැපයුම්කරුවන් අධෛර්යමත් වන බව මන්ත්‍රිවරයා පෙන්වා දී ඇති අතර, මේ පිළිබඳ ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණගෙන් කරුණු විමසා එම තීරණය අත්හිටුවන ලෙස දැනුම් දී ඇත.

ඊට සෞඛ්‍ය ඇමතිවරයාද එකඟත්වය පල කළ බව පැවසේ, ඉන්දියාවෙන් ඖෂධ ආනයනය කිරීමේ තීරණයට එරෙහිව සෞඛ්‍ය වෘත්තිය සමිති ඖෂධ ආනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය, දේශීය ඖෂධ නිෂ්පාදකයන් මෙන්ම ශ්‍රී ලංකාවේ පෙරටුගාමී පක්ෂය ද විරෝධය පළ කරමින් මාධ්‍ය හමු පසුගියදා පවත්වනු දක්නට ලැබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...

ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය...

රුමේෂ් යළිත් ඉතිහාස ගතවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ මලල...

යේමන හමුදාවෙන් හූති ඉලක්ක වෙත පැය 72කදී එල්ල කළ ප්‍රහාර 756 හේතුවෙන් මියගිය හෝ තුවාල ලබූ සංඛ්‍යාව 2316 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: යේමනයේ ජාත්‍යන්තරව පිළිගත්...