ජාතිවාදයට විරුද්ධ නම් ඔබට තෝරා ගැනීමට ඇත්තේ අප පමණයි – AKD

Date:

කොළඹ LNW: ”අපට ඕනෑකම තිබෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයාගේ විශ්වාසය දිනා ගත් ආණ්ඩුවක් හදන්න. සිංහල ජනතාව බහුතරයකගේ කැමැත්තෙන් විතරක් ආණ්ඩුවක් හදලා වැඩක් නැහැ. ඔබ සැමගේත් සහයෝගය අවශ්‍යයි. පසුගිය කාලයේ අපේ රටේ තිබුණේ ජාතිවාදී දේශපාලනය. දකුණේ මුළුමනින්ම සිංහල ජාතිවාදය ජයග්‍රහණය කරනවා. ඊට ප්‍රතිපක්‍ෂව නැගෙනහිර මුස්ලිම් ජාතිවාදය උත්සන්න වෙනවා. ඒ වාගේම උතුරේ ජාතිවාදයකුත් පෝෂණය වෙනවා. ජනතාව අතර ජාතිවාදයක් නොතිබුණත්, එක් ජාතිවාදයක් විසින් අනෙක් ජාතිවාදය පෝෂණය කරන දේශපාලනයක් ගෙන යන්න පාලකයන් උත්සාහ කළා.” යනුවෙන් ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ ‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ කින්නියා ජන රැළිය අමතමිනි.

ඒ අනුව ජාතිවාදය තමන්ගේ න්‍යාය පත්‍රය කර නොගත් පාලනයක් ඇති කරගත යුතු බවයි අනුර දිසානායක මහතා සඳහන් කළේ.

ඉතිහාසයේ කිසිම අවස්ථාවකවත් ජාතිවාදය තමන්ගේ දේශපාලනයට භාවිතා නොකළ එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය වන අතර ඔබ ඇත්තටම ජාතිවාදයට විරුද්ධ නම්, තෝරා ගැනීමට ඇත්තේ ජාතික ජන බලවේගය බව ඔහු සඳහන් කළේය.

”ජාතිවාදයට විරුද්ධයි කියලා චම්පික, සජිත් එක්ක නැත්නම්, රනිල්ට කතිරය ගහන්න දෙබිඩි පිළිවෙතක් එපා. ජාතිවාදයට එරෙහි ජාතික සමගිය පිළිබඳ ආණ්ඩුවක් ඕනෑ නම්, ඔබ කතිරය ගහන්න ඕනෑ ජාතික ජන බලවේගයට විතරයි.

දකුණේ සිංහල බහුතර ජනතාවක් මාලිමාවත් එක්ක. දකුණ, සබරගමුව, බස්නාහිර, උතුරු මැද, මධ්‍යම, වයඹ වාගේ සෑම පළාතකම බහුතර ජනතාව අප වටා එක් වී සිටිනවා. ඒ අය අපෙන් අහන්නේ “සහෝදරයා, නැඟෙනහිර කොහොම වෙයිද” කියලා. රටම එක විදියට එන කොට නැඟෙනහිර විතරක් වෙන පාරක යනවාද? ඔබලාට අපි ආරාධනා කරන්නේ මේ සැරේ ජාතික ජන බලවේගය තෝරා ගන්න කියලයි. නියමිතව තිබෙන්නේ ජනාධිපතිවරණය. ඒ වෙලාවේදී ජාතික ජන බලවේගයට ඡන්දය දී, මහා මැතිවරණය ආවාම ඔබ කැමැති, ඔබගේ පළාතට ඕනෑ මන්ත්‍රී කෙනෙක් පත් කර ගන්න. හැබැයි, ඒ තෝරා ගන්න කොටත්, හරියට තෝරා ගන්න.

2019දී මුස්ලිම් කොන්ග්‍රසයට කතිරය ගහලා තවුෆික් පාර්ලිමේන්තුවට යැව්වා, හාරිස් පාර්ලිමේන්තුවට යැව්වා, ෆයිසර් කාසිම් පාර්ලිමේන්තුවට යැව්වා. ගෝඨාභය පරාජය කරන්න කියලා ඡන්දය ඉල්ලපු අය. පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය ගෙන ආවේ ගෝඨාභයගේ බලය වැඩි කරන්න. ගෝඨාභයට විරුද්ධව ඔබලා ඡන්දය දුන්නත්, ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගිහින් ගෝඨාභයගේ බලය වැඩි කරන්න ඡන්දය දුන්නා. ජනාධිපතිවරණයේ දී අපට ඡන්දය දී පරණ දේවල් හොයලා බලලා පාර්ලිමේන්තු මැතිවරණයකදී ඔබලා කැමැති නායකයකුට ඡන්දය දෙන්න. අනෙක් පක්‍ෂවල අයට ප්‍රතිපත්ති නැහැ, කරුණු නැහැ. ඒක නිසා මඩ, අවලාද නඟනවා. සිංහල ප්‍රදේශවලට අපි ගිහින් ආවාම පෙරහැර නතර කරන බව සජබයේ කට්ටිය කියනවා. සමහර හාමුදුරුවන් වහන්සේලාත් කියන්නේ අපි ආවාම දානය නතර කරනවා කියලා. සිංහල ජනතාවට ඒ විදියට කියලා මුස්ලිම් ප්‍රදේශවලට ආවාම කියන්නේ අපේ ආණ්ඩුවක් යටතේ ඔබලා පස් වතාවක් වඳින එක නතර කරනවාලු. ව්‍යාපාර කරන්න දෙන්නේ නැහැලු. රැවුල වවන්න දෙන්නේ නැහැ කියනවා.

මේ වාගේ අවලාද, අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු පතුරුවනවා. හකීම් ඔය වාගේම කතාවක් කියලා තිබුණා. මම කීවාලු, “මුස්ලිම් අම්මලාගේ ගර්භාෂයේ ත්‍රස්තවාදය ඇති වුණා” කියලා. මම කියන්නේ හැමදාමත් ජාතිවාදය කියන ගර්භාෂයේ ප්‍රචණ්ඩත්වය ඇති වෙනවා. සිංහල ජාතිවාදය කියන ගර්භාෂය ඇතුළේ ප්‍රචණ්ඩත්වය ඇති වෙනවා. මුස්ලිම් ජාතිවාදය කියන ගර්භාෂය ඇතුළේ මුස්ලිම් ප්‍රචණ්ඩත්වය ඇති වෙනවා. දෙමළ ජාතිවාදය කියන ගර්භාෂය ඇතුළේ දෙමළ ප්‍රචණ්ඩත්වය ඇති වෙනවා. මේ විදියට කරුණු කියන කොට හකීම් කියනවා, මුස්ලිම් අම්මාගේ ගර්භාෂය ඇතුළේ ත්‍රස්තවාදය ඇති වුණු බව මම කීවාලු. මම සිංහලෙන් කියපු දේ හකීම්ට තේරුණේ නැද්ද දන්නේ නැහැ. ඒ නිසා මම කීවා, මා කළ ප්‍රකාශය නිවැරැදිව කියන්න. එහෙම නොකීවොත්, නඩු දානවා කියලා. නිවැරැදි නොකළ නිසා නඩු දැම්මා. අපේ රටේ දේශපාලන වේදිකාවේ තවදුරටත් ජාතිවාදී සටන් පාඨ කියන්න ඉඩ දෙන්න ඕනෑ නැහැ. ජාතික ජන බලවේගයේ වේදිකාවකවත්, වෙන කොතැනකවත් ජාතිවාදී ප්‍රකාශයක් කරන්න අපේ ආණ්ඩුවකින් ඉඩ දෙන්නේ නැහැ. ඒ ආකාරයෙන් ජාතික සමඟිය ගොඩනඟන ආණ්ඩුවක් අපි බිහි කරනවා.” අනුර දිසානායක මහතා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wanderlust Wednesday: නරඹන්න! සුන්දර ඇල්ල ප්‍රදේශයේ අලංකාරය! Exploring the Enchanting Beauty of Ella, Sri Lanka

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

අනුරටත් නෑ ප්‍රධාන විපක්ෂෙටත් නෑ.ඊළඟ පාර නාමල්ට තමයි!

කොළඹ LNW:මීට පෙර නොදුට්‍රු අන්දමට ඊළඟ ජනාධිපති සම්බන්ධයෙන් විශාල...

රුසියාව සෙලවෙයි! හවායි හි ඉවත් කිරීමේ නියෝගත් ඉවතට!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW):  ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාවක්...

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන - රුවන් නෙළුගොල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ...