සජිත්ට සහාය දීම ගැන මම දන්නේ නෑ – ITAK නායක කියයි

Date:

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට තම පක්ෂය ගත් තීන්දුව ගැන තමා දැනුවත් නැතැයි, ඉලංගෙයි තමිල් අරුසු පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා පවසනවා.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි ගත් තීරණය එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ගත් තීරණයක් බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියා.

මන්ත්‍රීවරයා එසේ කියා සිටියද එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා සන්ධාන කරන්නේ ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවයි.

මෙම තීරණය ඉන්දියාවේ බලපෑම මත ගත් තීරණයක් බව සමගි ජන බලවේගයේ තරුණ බලවේගය වන සමගි තරුණ බලවේගයේ ජාතික සංවිධායක චමිත් විජේසුන්දර මහතා X පණිවුඩයක් තබා නැවත එය ඉවත් කරගැනීමටද කටයුතු කරගෙන තිබුනා.

Newshub

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...

කෙහෙළියගේ පවුල ගොණු කළ පෙත්සම් තුනක් නිෂ්ප්‍රභා වෙයි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත්...