ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වා උතුර – නැගෙනහිර ගොඩනඟන හැටි සජිත් යාපනේදී කියයි

සටහන – රුවන් නෙළුගොල්ල

උතුරු සහ නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්වීමට තම රජයක් යටතේ කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“විශේෂයෙන්ම උතුරත් නැගෙනහිරත් ගොඩනංවන්න ජාත්‍යන්තර ආධාරක සමුළුවක් ස්ථාපනය කරනවා. ඔය මෙතෙක් හිටපු කිසිම ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් ඒකට මුලපිරුවේ නෑ. ඇත්ත වශයෙන්ම යහපාලන රජය සමයේ මම කැබිනට් ඇමතිවරයෙක් හැටියට මේක යෝජනා කළා පුද්ගලිකවම හමුවෙලා එවකට ජනාධිපතිවරයාටත් එවකට අගමැතිවරයාටත්. ඒගොල්ලො කිව්වා ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන් එතරම් වුවමනාවක් දක්වන්නෙ නෑ කියලා. හැබැයි අපි ජාත්‍යන්තර ආධාරක සමුළුව පවත්වලා පැහැදිලිවම උතුරු නැගෙනහිරත් මුළු රටත් ගොඩනඟන වැඩපිළිවෙලකට යොමුවෙනවා. ප්‍රධාන වශයෙන් හැම පළාතකම හැම පරිපාලන දිස්ත්‍රික්කයකටම ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවනවා සංවර්ධනය උදෙසා. මේකෙන් ජනතාවත් පාලකයාත් අතර සම්බන්ධය ඇතිවෙනවා සංවර්ධනය සඳහා”

ප්‍රශ්නය – ඔබ ජනාධිපති වෙනවාට ඉන්දියාව කැමතියි කියලා ඇතැම් මාධ්‍ය පුවත් පළකරලා තියෙනවා. මොකක්ද ඒ ගැන කියන්නෙ ?

“ඉන්දියාවත් එක්ක සමීප සම්බන්ධයක් පවත්වාගෙන, ඉන්දියාවේ තියෙන බිලියන 1.4 – 1.5 ක පමණ වෙළඳපොල උපයෝගී කරගෙන කොහොමද අපේ අපනයන සංවර්ධනය කරන්නෙ, කොහොමද අපේ සෘජු විදේශ ආයෝජන ලබාගන්නෙ, කොහොමද ඒ රටේ කර්මාන්තකරුවන් මෙහෙ ස්ථාපනය කරලා රැකිරක්ෂා බිහිකරන්නෙ, කොහොමද අපේ නිදහස් වෙළඳ ගිවිසුම් රටවල් දෙකටම වාසිදායක වෙන විදියට කේවල් කරලා ක්‍රියාත්මක කරන්නෙ … අපි යාපනය දිස්ත්‍රික්කය ගත්තොත් නිෂ්පාදන කර්මාන්ත 10ක් මේ ආසන 10 ස්ථාපිත කරනවා. මේ මුළු රටම අපි සංවර්ධනයෙන් බබළවනවා. ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කවුද අපට සහයෝගය දෙන්නෙ, ඒ අයත් සමග අපි අත්වැල් බැඳගන්න අපි සූදානම්”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (01) යාපනය මාධ්‍ය සමාජයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...