*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

එංගලන්තයට තරගාවලියේම ජය සහතික කරන ජයක්

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 02, (LNW) කොළඹ :

ටෙස්ට් තරග තුනක් සඳහා එංගලන්තයේ සංචාරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග දෙකක් නිමා වන විටම,2-0 ක් ලෙස තරගාවලියේ පරාජය අත්පත් කරගෙන අවසානය.තරගය පුරාම පිත්තෙන් ශ්‍රී ලංකාව යටත් කර ගත් ජෝ රූට් ට,පළමු ඉණිමේ ඇඳ වැටී තිබුණු එංගලන්තය ජයග්‍රහණය කරා ගෙන යන්නට උපකාරි වෙමින් ශතකයක් ලැබූ,ගස් ඇට්කින්සන්,ඔහුට වඩාත් හැකියාව ඇති පන්දු යැවීමේ කාර්යෙන් දෙවන ඉණිමේදී ශ්‍රී ලංකාවට තර්ජනයක් ඇති කළේය.ලකුණු 292 ට දැවී ගිය ඹ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5 ක් ම ලකුණු 62 ට දවා ගත්තේ ඇට් කින්සන්ය.ඒ නිසා ඉණිම දෙකේම ශතක ලැබූ ජෝ රූට් නිල නොවන තරගයේ වීරයා වී පිත්තෙන්ද,පන්දුවෙන් ද එක සේ ජයග්‍රහණයට දායක වූ ඇට්කින්සන්ට සැබෑ වීරයා වන්නට දී බලා සිටින්නට සිඳු විය.


ශ්‍රී ලංකා දෙවන ඉණිම තුළ අර්ධ ශතක 3 ක් වාර්තා විය.දිනේෂ් චන්දිමාල් (58),දිමුත් කරුණාරත්න (55) සහ නායක ධනංජය ද සිල්වා (50) එම පිතිකරුවෝ වූහ.ඒ තරමටම ලකුණු 43 ක වටිනා ඉණිමක් පසු පෙළට එකතු කරමින්,මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තමන්ව කැඳවීම සාධාරණ බව සහතික කළ මිලාන් රත්නායක,ලකුණු 43 ක් රැස් කළේය.


පිතිකරුවන් ලෙස සිය වෘත්තීමය ස්වභාවය කවරේද යන්න සහ තරගයේ ස්වභාවයට අනුව ඒ වෘත්තීය අත්දැකීම භාවිතයට ගන්නේ කෙසේ ද යන්න ශ්‍රී ලංකා පිතිකරුවන්ට මේ තරගයේ දී ජෝ රූට් කියා දුන් පාඩම ඉදිරියේ දී හෝ සැළකිල්ලට ගැනීම වැදගත්.ඔහු මේ තරගයේ දී ශතක දෙකක් රැස් කළ ද,එම ශතක දෙක සපුරා දෙයාකාරයක් ගනු ලැබූ බව සහතිකයි.ඒ මොහොතට අවශ්‍යය හැසිරීම,ප්‍රහාරාත්මක වේගය ආදි කරුණු නිසි ලෙස කළමණාකරණය වුණු ඉණිමක ස්වභාවය රූට් විසින් එහිදී කියා දුන් බව අප පිළිගත යුතු වෙනවා.


මේ තරගය ගත් විට ද,මේ දක්වා ගෙවුණු තරගාවලිය ගත ව්ට ද,අසිත ප්‍රනාන්දුනම් පන්දු යවන්නා මෑතකාලීනව ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් අතර වඩාත්ම විශ්වාසවන්ත පුද්ගලයා ලෙසින් ස්ථාවර වෙමින් තිබෙන බව පැහැදිළි වෙනවා.එසේම මිලාන් රත්නායකගේ කැඳවීම යහපත් එකක් බවත්,ඔහු පිතිකරුවෙක් ලෙස දක්වන කුසලතාවයද අවධානයට ලක් කළ යුතු බවත් පැහැදිළියි.වඩාත්ම විශ්වසනීය පිතිකරුවා බවට පත් වී සිටින කමිඳු මෙණ්ඩිස් පිතිකරණ නාමාවලියේ දැනට වඩා ඉහළ තැනකට කැඳවා තමන්ගෙන් හරි ප්‍රයෝජනය ගන්නා ලෙස කරන හැඟවුමත් මෙහිදී වැදගත් වෙනවා.


ජාතික කණ්ඩායමට පිවිසෙන මොහොත වන විට ටෙස්ට් අනන්‍යතාවයකින් බලන්නට හැකියාව තිබුණු පැතුම් නිශ්ශංක මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල ප්‍රබලතම පිතිකරුවායි.මේ මොහොතේ ඔහුට පුහුණු තරගයක හෝ අවස්ථාවක් නොදී පස් දින තරගයකට කැඳවීමෙන් ඇතැම් විට ඔහුට මේ මොහොත වන විට එක්දින තරග සහ විස්සයි විස්ස තරග කෙරෙහි තිබෙන රිද්මයත් බිදී යා හැකි අන්දමේ අවධානමක් තිබෙනවා.මේ තරගයේ දී පැතුම්ගෙන් දකින්නට ලැබුණේ එම තත්ත්වය විය හැකියි.


අප මේ සංචාරය ආරම්භ කරන විට ඉන්දියාව පරාජය කරමින් මහත් උද්යෝගයෙන් පසු වූ ලාංකිකයන් අතර සිටින අතරේම,එම ජයග්‍රහණය සපුරා ඉතාම සුළු කලකින් සනත් ජයසූරිය කළ විප්ලවයක් බව පෙන්වද්දී ද එකඟ වූයේ යම් සිමාවන් තුළ ය.එංගලන්ත සංචාරයේ දී ක්‍රීඩා කරන ක්‍රිකට් උප මහද්වීපික ක්‍රිකට් සංස්කෘතියට අයත් ක්‍රිකට් නොවන බව අපි කීවෙමු.මේ සිඳුවෙමින් පවතින්නේ ඒ දේ ය.පොළවේ කොයි මුල්ලකට වුව ගැලපෙන ආකාරයට අපේ ක්‍රීඩා රටාව සහ සිතුම් පැතුම් ගලපන්නට හැකියාව තිබිය යුතුය.මේ ඒ අඩුවේම කොනක අත්විය හැකි අමිහිරි පරාජයක ලකුණුයි.


සෑම අතින්ම ඉදිරියේ සිටිය එංගලන්තයට ඒ හැකියාවට හිමි විය යුතු ගෞරවය සමඟ ජයග්‍රහණය හිමි විය.පන්දුවෙන් පන්දුව ඇස තබා ගෙන නොසිටිය ද පහත දැක්වෙන ලකුණු සටහන කියවන විට ඔබට ඒ බව වටහා ගන්නට අපහසු නැත.දෙවන ඉණිමේ දී යම් ආකාරයකට සාර්ථක වන්නට උත්සාහ ගත්තද,එය යම්තාක් දුරට හෝ ඉටු කරගත් පිතිකරුවෙක්ටවත් එම සාර්ථක්වයේ ප්‍රතිපලය ඉලක්කම් තුනක වටිනාකමකට ගෙන යන්නට හැකි විණි නම් සමහර විට අද දවසේ ත් තරගය පවත්වා පරාජයේ ප්‍රමාණය හෝ අඩු කර ගන්නට ඉඩ තිබිණි.
ලකුණු පූවරුව – https://es.pn/3Z4j1GT

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan