බානගල නා හිමියන්ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක්!

කොළඹ LNW:ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිපති,ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් පසුගියදා (30) ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ව අග්‍රාමාත්‍ය නිල නිවස වන නව දිල්ලියේ ලෝක් කල්යාන් මන්දිරයේ දී (Lok Kalyan Marg) හමුවිය.

නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ දීර්ඝ කාලීන සමීපතම හිතවතෙකු වන බානගල නා හිමිපාණන් වහන්සේ පසුගියදා ගුජරාට් හි අහමදාබාද් හි පැවති ධම්ම ධර්ම අටවන ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීමෙන් පසු නේපාලයේ ලුම්බිණි විශ්ව විද්‍යාලයේ සහ ලුම්බිණි ශුද්ධ භූමියේ සංචාරයකින් පසු නව දිල්ලියට පැමිණ අග්‍රාමාත්‍යතුමන් හමුවීම සිදුවූ බව සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමල තිස්ස හිමියෝ පවසති.

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ශ්‍රීමත් ජවහල්ලාල් නේරු අග්‍රාමාත්‍යතුමන්ගේ ඉල්ලීම පරිදි ආරම්භ කළ,මේ වසරේ හැත්තෑ දෙවැනි (72 )වරට පැවැත්වෙන සාංචි මහාබෝධි මහෝත්සවයට සහභාගී වන ලෙස මෙහි දී බානගල නා හිමියන් අග්‍රාමාත්‍යතුමන්ට ආරාධනා කළ බව විමලතිස්ස හිමියෝ පවසති.

මුම්බායේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශකීල් අහමඩ් සිද්දිකි (Shakil Ahamed Siddiqui) මහතා බානගල නා හිමියන් පිළිබඳ රචනා කළ අංජලිකරණීයෝ (Anjalikaraneyo) ග්‍රන්ථයේ පිටපතක් ද මෙහි දී අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ට කතුවරයා පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාවට බානගල නා හිමියන් සමඟ සාංචි චේතියගිරි විහාරාධිකාරි බානගල විමලතිස්ස හිමියෝ ද ලේඛක ශකිල් සිද්ධිකී මහතා ද බානගල නා හිමියන්ගේ නැගණිය හේමා වික්‍රමරත්න මහත්මිය ද චානක ගුණතුංග මහතා ද එක් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...