රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05 , කොළඹ (LNW):
2024 ජනාධිපතිවරණයේ දි කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.
ඉදිරියේ දී හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බව, නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙයි.
විවිධ අපේක්ෂකයින්ට සහාය පළකරන බවට ඇතැම් මාධ්‍ය විසින් සඳහන් කරන වාර්තා අසත්‍ය බව ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය නිවේදනයෙන් දැනුම් දී ඇත.