අපහාසාත්මක ප්‍රකාශය ගිය දුරක්, වාරණ නියෝගයකුත් නිකුත් වෙයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05 , කොළඹ (LNW):

ඉකුත් දා අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් සමගි ජන බලවේගයෙන් ඉකුත්දා රජයට එක් වූ වේලු කුමාර් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (05) වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් ඉකුත් දා අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා වේලු කුමාර් මන්ත්‍රීවරයා විසින් ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කළ බව පැවසේ.

ඒ අනුව අදාළ ප්‍රකාශය දයාසිරි ජයසේකරගේ ෆේස්බුක් පිටුවේ සහ සමගි ජන බලවේගයේ ෆේස්බුක් පිටුව ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් මෙම වාරණ නියෝගය නිකුත් කළ අතර එය දින 14ක් බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...

91 පසු කරන රැජිනියන්ට මේක එතරම් හොඳ කාලයක් නම් නෙවෙයි!

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  අනූඑක් වන වියට...

අංක එකේ ධම්මික පෙරේරාට සුබ උපන් දිනයක් !

ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා වශයෙන් සැලකෙන ධම්මික පෙරේරා...