ප්‍රහාරයක සැලසුමක් ගැන පුළුල් විමර්ශනයක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 , කොළඹ (LNW):

ඉදිරියේදී පැවැත්වීමට බලාපොරොත්තුවන ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ලද ​තොරතුරක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙවර ජනාධිපතිවරණයට තරග කරන ප්‍රබල අපේක්ෂකයකු ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ලද තොරතුරක් පිළිබඳව අතිශය රහසිගත වාර්තාවක් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය විසින් කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ බී වාර්තාව රහසිගත මෙන්ම ආරක්ෂාකාරීව තබා ගන්නා මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක්ද කර තිබේ. එම ප්‍රහාර සැලසුම පිළිබඳ අනාවරණය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලබාදුන් පුද්ගලයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසිද නිකුත් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය වෙත නියම කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරපුරෙන් හමු වූ පරිභෝජනයට නුසුදුසු මස් කි.ග්‍රෑ. 12,000කට මුද්‍රා තැබේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 කොළඹ LNW : අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව...

බිත්තරයක මිල රු.70ක් දක්වා ඉහළට?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ සත්ව ගොවිපොළවල්වලට සිදුව ඇති...

කඩිනමින් ප්‍රතිසංස්කරණ වන කොළඹ පුත්තලම දුම්රිය මාර්ගය…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : ආපදාවෙන් හානි වූ...

ශ්‍රී ලංකා 17 න් පහළ යෞවනයන්ට පළමු තරගයෙන් ලකුණු 78 ක් පරාජයක්.

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ...