ජයසූරියට ඉඩ නැති වෙයි

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 06, (LNW) කොළඹ :

එංගලන්ත සංචාරයේ එංගලන්ත කණ්ඩායම සමඟ පැවත්වෙන තෙවන ටෙස්ට් තරගයට අද ශ්‍රී ලංකාව තමන් සතු ප්‍රබලතම දඟ පන්දු යවන්නා නොමැතිව තරග කරන්නට තීරණය කර තිබෙනවා.ඕවල් ක්‍රීඩාංගණයේ පැවත්වෙන මෙම තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු නැවත කණ්ඩායමට කැදවා ඇති අතර ඒ වෙනුවට ඉවත් කර ඇත්තේ ප්‍රභාත් ජයසූරිය යි.


එසේම දෙවන ටෙස්ට් තරගයේ දී ස්ථානය අහිමි වූ කුසල් මෙණ්ඩිස්ට ද නැවත කැදවීමක් කර ඇත.ඔහු වෙනුවට කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ නිශාන් මධුශ්කයි.නිශාන් මධුශ්ක වෙනුවට ඉණිම ඇරඹිමේ වගකීම පැතුම් නිශ්ශංකට පැවරී තිබෙනවා.

කණ්ඩායමේ සංයුතිය සළකද්දී මේ තරගයේ දී කමිඳු මෙණ්ඩිස්ට මෙන්ම නායක ධනංජය ද සිල්වාට ද පිතිකරුවන් හැටියට මෙන්ම පන්දු යවන්නන් හැටියට ද විශාල කාර්යභාරයක් පැවරෙනු ඇත.එ් ප්‍රභාත් ජයසූරිය කණ්ඩායමට ඇතුළත් කර නොමැති නිසයි.


පහත දැක්වෙන්නේ අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමයි.
දිමුත් කරුණාරත්න,පැතුම් නිශ්ශංක,කුසල් මෙණ්ඩිස්,ඇන්ජලෝ මැතිව්ස්,දිනේෂ් චන්දිමාල්,ධනංජය ද සිල්වා,කමිඳු මෙණ්ඩිස්,මිලාන් රත්නායක,විශ්ව ප්‍රනාන්දු,පහිරු කුමාර,අසිත ප්‍රනාන්දු

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...