කොළඹ බැඩිමින්ටන් තීරයේ රේඛීය තීරකයන්ට දැණුම ලබා දෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 08, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා බැඩ්මින්ටන්, ප්‍රාදේශීය සංවර්ධන කමිටුව යටතේ ක්‍රියාත්මක වන වයස අවුරුදු 13න් පහළ කොළඹ දිස්ත්‍රික් පුහුණු සංචිතයන්හී (කොළඹ දකුණ / කොළඹ උතුර / කොළඹ නැගෙනහිර / කොළඹ මධ්‍යම) ක්‍රීඩකයින් වෙනුවෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ තාක්ෂණික දැනුම ලබාදීම සදහා රේඛීය තීරක (Line judegement) පාඨමාලාවක් 2024/08/31 දින ශ්‍රි ලංකා බැඩ්මින්ටන් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

බොහෝ විට ක්‍රීඩකයින් වෙත පුහුණුකරුවන්ගේ ශාරීරික හා ක්‍රීඩාකිරීමේ තාක්ෂණික උපක්‍රම පිළිබද දැනුම පමණක් යාවත්කාලීන වන අතර තරග තීරකවරුන්ගේ තීරණ හා නීති රීති සම්බන්ධ දැනුම යාවත්කාලීන නොවන බැවින් මෙය ක්‍රීඩකයින් වෙත ලැබුණු වටිනා අවස්ථාවක් බව සදහන් කළ යුතුය. තවද ඉදිරියේදී මෙම පාඨමාලාව දිවයිනේ සෙසු සංචිත සදහාද ලබා දීමට අප උත්සාහ කරන බව මෙමගින් දන්වා සිටිමි.


තවද මෙම පාඨමාලාව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ හා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලේකම් අජිත් විජේසිංහ මහතාගේ ‌උපදෙස් පරිදි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ජ්‍යේෂ්ඨ උප සභාපති, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති රොෂාන් ගුණවර්ධණ හා, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය උප සභාපති, තාක්ෂණික කමිටු සභාපති රොෂාන්ම ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...