හැමෝම දැන් ඉටු කරන්න බැරි පොරොන්දු දෙන්නෙ ඇයි? ජනපති අසයි

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ (LNW):

රටේ පවතින ආර්ථික ස්ථාවරභාවය අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් යළිත් අර්බුදයකට මුහුණදීමට සිදුවන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් තමන් විසින් පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් හඳුන්වා දී ඇති බවය.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේය.

"අපි ඇති කරලා තියෙන ස්ථාවරභාවය තහවුරු කරන්න ඕනේ. නැත්නම් ආපහු පහළට යනවා. ඒක කරන්න තමයි මගේ වැඩසටහන 'පුළුවන් ශ්‍රී ලංකා' ඔබට දෙන්නේ ඒ වරම ලබාගන්න. සජිත් ගැන කියලා වැඩක් නෑ. හැම එකම දැන් නොමිලේ දෙනවලු. තව ටික කාලයකින් නොමිලේ නෙමෙයි ඒක ගන්න කියලා මුදල් දෙයි. මොකද්ද මාලිමාව කියන්නේ, 'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' කියලා. මම ජනාධිපති වුණාට පස්සේ එහෙම කියනවා. මාලිමාවේ එක අඩුපාඩුවක් තියෙනවා. මේ මගේ මිත්‍ර අනුරට...ආ... දැන් මිත්‍රයා කියන්න එපානේ...හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායකගෙන් මම අහන්න කැමතියි. මම බැලුවා ඒ අයගේ අයවැය. මෙහෙම අයවැයක් හැදුවේ අර බැනියමේ හිල් තියෙන එක්කෙනාද? මේක කරන්න බෑ." ලෙස ජනාධිපතිවරයා කියා සිටියේය.

තවද ජනරැලියට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල මෙලෙස පවසා සිටියේය.

“ඔබ සියලුදෙනාම දන්නවා අපේ මාතෘ භූමිය අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණදෙන හැම අවස්ථාවකදීම මේක ගොඩගන්න පක්ෂයක්, පාටක්, භේදයක් නැතුව අතදික් කළ මනුස්සයෙක් ඉන්නවා නම්, ඒ රනිල් වික්‍රමසිංහ මහතායි. අපි බලන් හිටියා මම විපක්ෂයේ මන්ත්‍රීවරියක් විදියට සමහර දාට, මෙතුමා පාර්ලිමේන්තු ඇවිල්ලා රට ගොඩගන්න කියලා ඉල්ලීම් කරද්දි, අද ඔය හංදියක් හංදියක් ගානේ දිනවන්න කියන සමහර අය උපහාසයට හිනා වුණා. ඒ වෙලාවේ ඔයාලගේ බඩගින්න එයාලට දැනුනේ නෑ. මමත් මේක බොහෝම අමාරුවෙන් බලාගෙන හිටියා 2022 ඉඳලා. මේ කතා කරන්නේ රට ගොඩගන්න නේ කියන එක එදා කාටවත් වගේ වගක් තිබුණේ නෑ.” ලෙස ඇය කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...