*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

මම බලයට ආවම හොරු අල්ලන සටන් පාඨයට තිත තියනවා – නාමල්

කොළඹ LNW:තමන් බලයට පැමිණි පසු හොරු අල්ලන බවට ජනප්‍රිය සටන් පාඨයට තිත තබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

එදා යහපාලන ආණ්ඩුව කාලේ ජනතා බදු මුදල් නාස්ති කරමින් ලෝකෙ වටේ ගොස් ගිණුම් පරික්ෂා කරමින් රාජපක්ෂලාගේ ගිණුම්වල අයුතුලෙස උපයාගත් කිසි දෙයක් නෑ කියලා සොයාගත් පිරිසම අද හොරු අල්ලන්න යැයි කියමින් ජනාධිපති අපේක්ෂකයන් වී ජනතාව ඉදිරියට පැමිණ ඇති බවයි රාජපක්ෂ මහතා සඳහන් කළේ.

ඔහු මේ අබව කියාසිටියේ ඊයේ (09) මහජන රැළිය අමතමිනි.

හොරු අල්ලනවා යැයි කියන සටන් පාඨය තනිකරම තම තමන්ගේ වාසිය සඳහා ජනතාව මුලා කිරීමට දේශපාලන වේදිකාවේ හදපු සටන් පාඨයක් බව පෙන්වාදුන් නාමල් රාජපක්ෂ මහතා, තාක්ෂණය බද්ධ වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ විනිවිදභාවයෙන් යුතු තරගකාරී ටෙන්ඩර් පටිපාටියක් රටට හඳුන්වාදෙමින් දූෂණය වංචාව තවදුරටත් මැතිවරණ සටන් පාඨයක් වීම නවතා දමන බව කියා සිටියේය.

රාජපක්ෂලාගේ ගිණුම්වල අයතා ඉපැයීම් ඇතැයි කියමින් රටේ ජනතාවගේ බදු මුදල් ලෝකේ වටේ ගිණුම් පරීක්ෂා කිරීමට නිකරුනේ නාස්ති කර දැමූ පිරිසක් අද ජනපති අපේක්ෂයන් ලෙස මේ රටේ ආණ්ඩුකරන්න ඉල්ලමින් සිටින බව ද නාමල් රාජපක්ෂ මහතා මෙහි දී සිහිපත් කළේය.

”දැන් බොහෝ වෙලාවට හොරු අල්ලන්න තමයි ජනාධිපතිවරු එන්නෙ. යහපාලන ආණ්ඩුවෙත් එහෙම්මම ආවා.කමිටුවකුත් දැම්මා. ඔය කියන හැමෝම එක කමිටුවකට එකතුවෙලා හොරු අල්ලන්නත් ගියා නඩු පිට නඩු දැම්මා. ඒ හැම නඩුවකින්ම අපි නිදොස්කොට නිදහස් උනා. වර්තමාන ජනාධිපතිවරයා, එවකට යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා පැහැදිලිව ප්‍රකාශයක් කළා ලෝකෙ වටේ ගිහිල්ලා රාජපක්ෂලාගේ ගිණුම් පිළිබඳව හෙවුවා. අයුතුලෙස උපයාගත්ත කිසි දෙයක් තියෙනවා කියලා සාක්ෂියක් නෑ කියලා. ඒ නිසයි ඒ අය නඩුවලින් නිදහස් උනේ කියලා. හැබැයි ඒ හැම පර්යේෂණයකටම වියදම් කළේ මේ රටේ ජනතාවගේ බදු මුදල්. සමහරවිට එයාලා ණයට ගත්ත රු.බිලියන 12.5 ගන්නත් ඇති.

තනිකරම ඒක දේශපාලන වේදිකාවේ හදපු සටන් පාඨයක්. ලැම්බෝගිනි හොයන්න අපේ ගෙවල්වල වැසිකිළිය පවා හෑරුවා. අපේ අම්මාගේ මොන්ටිසෝරියේ සෙල්ලම් හෙලිකොප්ටරයක් තිබුණා. ඒක බලන්නත් ආවනේ හෙලිකොප්ටරයක් කියලා. ඒ වගේ බොරුවෙන් ජනතාව මුලා කළ පිරිසක් තමයි මේ රටේ ආණ්ඩුකරන්න ඉල්ලන්නෙ. වංචාව දූෂණය අපි මැතිවරණ වේදිකාවෙන් අපි අයින් කරනවා. අපි ඒක කරන්නෙ තාක්ෂණය හඳුන්වලා දීලා, ටෙන්ඩර් පටිපාටි ගෙනල්ලා. ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ තරගකාරී ලන්සු ක්‍රමයට ටෙන්ඩර් පටිපාටියක් හඳුන්වලා දීලා තාක්ෂණයත් එක්ක බද්දකර දීලා විනිවිදභාවය හා ගුණාත්මකභාවය ආරක්ෂාවන වැඩපිළිවෙලක් හඳුන්වාදෙනවා.

අපි මතක තබාගන්න ඔ්න අපි ගණුදෙනු කරන්නෙ ලෝකයත් එක්ක.අපි ගනුදෙනු කරන්නෙ මේ රටේ මේ මාතෘභූමියෙ පය ගහලා ඉන්න දෙමාපියන්ගෙ දරුවන්ගෙ ආර්ථිකය සුරක්ෂිත කරන්න.තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන් අයෝජන,නිෂ්පාද හෝ සේවා අංශයේ වෙන්න පුළුවන්, විදේශ රැකියා අංශවල වෙන්න පුළුවන්. රැකියා ලක්ෂ 20ක් ඊළඟ අවුරුදු දහය තුළ ඔබේ දරුවා වෙනුවෙන් නිර්මාණය කිරීමේ අභියෝගය මම බාරගන්නවා කියන එක ඔබ තමුන්නාන්සෙලාට ප්‍රකාශ කරනවා” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan