සමස්ත රාජ්‍ය සේවයම දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක ! (VIDEO)

Date:

සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති අද (08) දිනයේ දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු උදේනි දිසානායක මහතා පවසයි.

“වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විදියට රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික අංශය සමස්ත වැඩවර්ජනයකට කැඳවලා තියෙනවා. රජය මේ මහජන ඉල්ලීම්වලට කන් නොදී, දිගින් දිගටම මහජනතාව රවට්ටමින් ඔවුන්ගේ බලය රඳවාගන්න කෑදරකමින් කටයුතු කරන බව පේනවා. ඒ නිසා අපි සමස්ත රාජ්‍ය සේවකයින් එක්දින වැඩවර්ජනයකට කැඳවලා තියෙනවා. එතකොට මේ තුළ මේ රටේ සමස්ත ජනතාවට රජයේ කාර්යාල තුළින් ඉටුකර ගතයුතු යම් කාර්යයක් තියෙනවා නම් ඔවුන්ට අපි ආයාචනය කරනවා රජයේ කාර්යාලවලට පැමිණීමෙන් වළකින්න කියලා. මොකද මේක සාමාන්‍ය ජනතාව පීඩනයට පත්කරලා කරන වැඩවර්ජනයක් නෙවෙයි. ඒ වගේම අපි ලිප්ටන් වටරවුමේ දැවැන්ත උද්ඝෝෂණයක් කරන්නත් සූදානම් කරලා තියෙනවා. සියලුම වෘත්තීය සමිති මේ සඳහා සහභාගී වෙනවා. අපි ආරාධනා කරනවා මේ රටේ සියලුම වැඩකරන ජනතාවට අපිත් එක්ක එකතුවෙන්න මේ දූෂිත ආණ්ඩුව පළවා හරින්නට කියලා”

උදේනි දිසානායක මහතා මේ බව පැවසුවේ අද පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...