ජනාධිපතිවරණයේ නිහඬ කාලසීමාවේදී කිසිදු ප්‍රචාරණයක් සිදුකිරීමට නීතියෙන් තහනම් – මැ.කෝ.

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වූ පසු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරයන් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව, මැතිවරණ කොමිසම කියා සිටී.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ ,නිහඬ කාලසීමාවේ කිසිදු ප්‍රචාරණයක් සිදුකිරීමට නීතියෙන් තහනම් බවයි.

එහෙත් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය යොදා ගනිමින් නීතිවිරෝධීව ජනාධිපතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඔහු පවසයි.

නිහඬ කාලසීමාවේ සමාජ මාධ්‍ය ප්‍රචාරණය සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය ගැන අදාළ ජාත්‍යන්තර සමාගම් සමග සාකච්ඡා කර ඇති බව සභාපතිවරයා සඳහන් කළ අතර , ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු ලබන 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...