*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

රටට පණ දුන්න අපිට ප්‍රචණ්ඩත්වය ඇති කරන්න වුවමනා නෑ – ද්වේශ සහගත ප්‍රකාශයන්ට එරෙහිව ”අදිටන” දැඩි අදිටනක!

කොළඹ LNW:”මේ රටට පණ ගෙන දුන් අපි ප්‍රචණ්ඩත්වයක් ඇති කරන්න, ජනතාව පීඩාවට පත් කරන්න දශමයකින්වත් දායක වන්නේ නැහැ. අපව හැදූ, වැඩූ ශ්‍රේෂ්ඨ හමුදාවන්ට අපේ අනන්‍යතාව සහ ගෞරවය හැමදාමත් තිබෙනවා. මේ වැනි වෛරී ප්‍රකාශ සිදු කර අපව කලබල කරන්න හෝ කුපිත කරන්න බැහැ. මෙයට වඩා දරුණු තත්වයක් යටතේ කටයුතු අපි සිදු කළා. මේවා අපට ඔරොත්තු දෙනවා. ‘අදිටන’ ත්‍රිවිධ හමුදා සාමුහිකයේ සාමාජිකයකුගේ නිවසකට, ඉඩමකට සම්බන්ධ කර අවි ආයුධ හමු වුණු බවට ප්‍රචාරය කළොත්, ඔබලා කිසිවකුත් පුදුම වන්න එපා. එවැනි සැලසුම් තිබෙනවා.” යනුවෙන් ජාතික ජන බලවේගයේ ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා පැවසුවේය.

ඒ, අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයට එරෙහිව දිගින් දිගටම සිදුකරන ද්වේශසහගත ප්‍රචාර සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයන් මාර්ගයෙන් අපි දැඩි පියවර ගන්නා බවයි ජයසේකර මහතා සඳහන් කළේ.

”මෙයට දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවක් පවත්වා ඉතාම පැහැදිලිව ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයට, ජාතික ජන බලවේගයට පසුගිය කාලයේ එල්ල කළ අසත්‍ය චෝදනා පිළිබඳව අපි පැහැදිලි කළා. ඡන්දය පැවැත්වෙන කාලයේ ජනතාව නොමඟ යවන්න දරන උත්සාහය අප ප්‍රතික්‍ෂේප කරමින් හෙළාදැක්කා. එසේ තිබිය දීත්, ඊයේ 14 වැනිදා නැවතත් බරපතළ අසත්‍ය චෝදනාවක් මෙම සංවිධානය ඉලක්ක කරගෙනම ‘නව මඟ ජාතික ව්‍යාපාරය’ නමින් පෙනී සිටින සංවිධානයේ විධායක සභිකයෙක් ලෙස හැඳින්වූ ලක්‍ෂ්මන් සහ එහි ලේකම්, අනිල් ශාන්ත ප්‍රනාන්දු කියන අය අපට එරෙහිව බරපතළ චෝදනා එල්ල කළා. ‘විශ්‍රාමික හමුදා කල්ලියක්’ යනුවෙන් අපව හඳුන්වා, ජාතික ජන බලවේගයේ සිටින රටේ ප්‍රචණ්ඩත්වය ඇති කරන්න ගොඩනැඟූ සංවිධානයක් බවත්, අවි ආයුධ එකතු කරන බවත්, ජනතාවට පීඩාකාරී වාතාවරණයක් ඇති කරන්න බුද්ධාගමට අගෞරවයක් වන ආකාරයෙන් හැසිරෙන බවටත් චෝදනා රාශියක් එල්ල කර තිබෙනවා. ඔවුන් අසත්‍ය, ද්වේශසහගත චෝදනා ගණනාවක් මේ ආකාරයට සමාජගත කරන්න උත්සාහ කරනවා. අපි ජාතික ජන බලවේගයත් සමඟ විවෘතව ජනතාව හමුවේ පෙනීසිටිමින් ක්‍රියා කරනවා. අපේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඔවුන්ට එවැනි සාක්‍ෂි තිබෙනවා නම්, ඒවා ඉදිරිපත් කර නීතිමය ක්‍රියාමාර්ගවලට යන ලෙස දන්වනවා. අපි 2021 මෙම සංවිධානයට මූලික වශයෙන් ප්‍රවේශ වූයේ අවුරුදු තිස්පහක පමණ කාලයක් පුරා ඉතාමත් ගරුත්වයෙන් සහ අභිමානයෙන්, විනයගරුකව හමුදාවන් තුළ සේවය කිරීමෙන් පසුවයි.

හතු පිපෙනවා වාගේ සංවිධාන පිහිටුවාගෙන ජාතීන් අතර අසමඟිය ඇති කරන්න, මහජනයා අතර විරසකය ඇති කරන්න, ජනතාව නොමඟ යවන්න කාගේ හෝ පුද්ගලයකුගේ නැතිනම්, පක්‍ෂයක අවශ්‍යතාව මත මොවුන් මේ ව්‍යාජ මත ප්‍රචාරය කරනවා. ඔවුන්ගේ පැවැත්ම ඒක. තව දින කිහිපයකින් මුළු රටම එකතු වී සියලුම ජාතීන් එකට එකතු වී කරන ජයග්‍රහණය පෙනෙන තාක් මානයේ අපි ඉන්නේ. ඔවුන් සිදු කළ ජාතික අපරාධවලින් බේරීමට නොහැකි බව දන්නා ඔවුන් වියරු වැටී සිටිනවා. මේ රටට පණ ගෙන දුන් අපි ප්‍රචණ්ඩත්වයක් ඇති කරන්න, ජනතාව පීඩාවට පත් කරන්න දශමයකින්වත් දායක වන්නේ නැහැ. අපව හැදූ, වැඩූ ශ්‍රේෂ්ඨ හමුදාවන්ට අපේ අනන්‍යතාව සහ ගෞරවය හැමදාමත් තිබෙනවා. මේ වැනි වෛරී ප්‍රකාශ සිදු කර අපව කලබල කරන්න හෝ කුපිත කරන්න බැහැ. මෙයට වඩා දරුණු තත්වයක් යටතේ කටයුතු අපි සිදු කළා. මේවා අපට ඔරොත්තු දෙනවා. ‘අදිටන’ ත්‍රිවිධ හමුදා සාමුහිකයේ සාමාජිකයකුගේ නිවසකට, ඉඩමකට සම්බන්ධ කර අවි ආයුධ හමු වුණු බවට ප්‍රචාරය කළොත්, ඔබලා කිසිවකුත් පුදුම වන්න එපා. එවැනි සැලසුම් තිබෙනවා. ජනතාවට ජීවත් වන්න මත්ද්‍රව්‍යවලින් තොර පාතාලයෙන් තොර ආරක්‍ෂිත, නිදහස් රටක් ඕනෑ. රට වැටුණු වෙලාවේ ජාතික ජන බලවේගය වාගේ මහජන ව්‍යාපාරයක් එක්ක එකතු වී කටයුතු කිරීමට ලැබීම ගැන නිහතමානී සතුටක් තිබෙනවා. පසුගිය කාලයේ මේ රට පාලනය කළ අය සමඟ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් එකතු වන විට ඔවුන්ව ‘රණවිරුවන්’ ලෙස හැඳින්වූවා. අපි ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙන කොට ‘කල්ලි’ යනුවෙන් හඳුන්වනවා. රණවිරුවෝ දඩයම් කර ගත්තේ ඔය කියන දේශපාලන පක්‍ෂ. අපි කෙළින් වැඩ කරන අයවලුන්. ඒ නිසා අපි ජනතාවට කෙළින්ම කියනවා, ඔය බොරු අවලාදවලට හසුවන්න එපා කියලා. ඒ වාගේම කිසිම දෙයකට කලබල වෙන්නත් එපා. 21 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීමට ගොස් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවන්න. ඒ වාගේම 21 වැනිදාට පසු කිසිම ප්‍රචණ්ඩත්වයක්, කිසිම කලබලයක් ඇති නොවන ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan