දකුණු අප්‍රිකා ඒ කණ්ඩායමට නායක නීල්ගෙන් ශතකයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 16, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම අතර පැවත්වෙන දෙවන නිල නොවන සිව් දින ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවට පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට පැවරුවා.ඒ අනුව පන්දුවට පහර දීමට පැමිණි දකුණු අප්‍රිකාව පළමු දිනය නිමාවේ කඩුලු 7 ක් දැවී ලකුණු 316 ක් ලබා ගෙන සිටිනවා.


දකුණු අප්‍රිකාව වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වෙමින් නායක නීල් බ්‍රෑන්ඩ් ඊයේ දවස පුරාම ආරම්භක පිතිකරු ලෙස සපැමිණ නොදැවී සිටිමින් ලකුණු 122 ක් රැස් කරන්නට සමත් වුණා.හතරේ පහර 11 ක් සහ එක් හයේ පහරක් වාර්තා වූ නීල්ගේ ඉණිමට හොද දායකත්වයක් ලබා දුන් ඩේව්ඩ් බ්‍රේවිස් (49) සිව්වන කඩුල්ලට නීල් සමඟ ලකුණු 98 සබඳතාවයක් පවත්වන්නට සමත් වුණා.තෙවන කඩුල්ලට මාකස් එකර්මන් (37) සමඟ ලකුණු 62 ක සබඳතාවයක් එක් කරන්නට ද නී් සමත් වුණා.


පන්දු යැවීමේ දී වමත් දඟ පන්දු යවන ශොනාල් දිනූෂ ලකුණු 48 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.ඉකුත් තරගයේ දී කැපී පෙණුන ඒෂාන මාලිංග ද ලකුණු 56 ට කඩුලු 2 ක් දවා ගෙන සිටිනවා.පහතින් මේ දක්වා තරගයේ ලකුණු සටහනට පිවිසෙන්නට හැකියි.
https://es.pn/3TtQzdI
ඡායාරූපයේ දැක්වෙන්නේ දකුනු අප්‍රිකානු ඒ කණ්ඩායමේ නායක නීල් බ්‍රෑන්ඩ්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩ කර යළි නැගිටිමු – ජනපති අනුරාධපුරයේදී කියයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

Crete දූපතට දකුණින් බෝට්ටුවක් පෙරළීමෙන් 17 දෙනෙකුට ජීවිත අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ඊයේ (06) දින...

අද(07) පස්වරුවේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳ...