දකුණු අප්‍රිකා ඒ කණ්ඩායමට නායක නීල්ගෙන් ශතකයක්

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 16, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම අතර පැවත්වෙන දෙවන නිල නොවන සිව් දින ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවට පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට පැවරුවා.ඒ අනුව පන්දුවට පහර දීමට පැමිණි දකුණු අප්‍රිකාව පළමු දිනය නිමාවේ කඩුලු 7 ක් දැවී ලකුණු 316 ක් ලබා ගෙන සිටිනවා.


දකුණු අප්‍රිකාව වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වෙමින් නායක නීල් බ්‍රෑන්ඩ් ඊයේ දවස පුරාම ආරම්භක පිතිකරු ලෙස සපැමිණ නොදැවී සිටිමින් ලකුණු 122 ක් රැස් කරන්නට සමත් වුණා.හතරේ පහර 11 ක් සහ එක් හයේ පහරක් වාර්තා වූ නීල්ගේ ඉණිමට හොද දායකත්වයක් ලබා දුන් ඩේව්ඩ් බ්‍රේවිස් (49) සිව්වන කඩුල්ලට නීල් සමඟ ලකුණු 98 සබඳතාවයක් පවත්වන්නට සමත් වුණා.තෙවන කඩුල්ලට මාකස් එකර්මන් (37) සමඟ ලකුණු 62 ක සබඳතාවයක් එක් කරන්නට ද නී් සමත් වුණා.


පන්දු යැවීමේ දී වමත් දඟ පන්දු යවන ශොනාල් දිනූෂ ලකුණු 48 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.ඉකුත් තරගයේ දී කැපී පෙණුන ඒෂාන මාලිංග ද ලකුණු 56 ට කඩුලු 2 ක් දවා ගෙන සිටිනවා.පහතින් මේ දක්වා තරගයේ ලකුණු සටහනට පිවිසෙන්නට හැකියි.
https://es.pn/3TtQzdI
ඡායාරූපයේ දැක්වෙන්නේ දකුනු අප්‍රිකානු ඒ කණ්ඩායමේ නායක නීල් බ්‍රෑන්ඩ්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...