පුළුවන් ශ්‍රී ලංකා ජාවාරම්කරුවන්ගෙන් බදු අයකරගෙන අපි රට ගොඩනගනවා – චම්පික

Date:

කොළඹ LNW:”පුළුවන් ශ්‍රී ලංකා කියන ජාවාරම්කාරයෝ ටිකගෙ බදු අය කර ගෙන නැති බැරි ශ්‍රී ලංකාව,ගොඩනැගීමයි සජිත්ගෙ ප්‍රතිපත්තිය. ඒක තමයි අපේ සමාජවාදය” යනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජන්දය අපතේ යවා අනුර කුමාර දිසානායක වෙත අතිරේක වාසියක් අත්කර නොදෙන ලෙසයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”රනිල් ලබන අවුරුද්දේ නව බදු දෙකක් ගේන්න යනවා. අපේ ගෙදර වර්ග අඩිය මැනලා, අපේ ගෙදර වත්තේ පර්චස් එක මැනලා, කුඹුරු ඉඩම මැනලා, බැංකු එක බලලා, ඔබට තව බද්දක් ගහන්න යනවා වස්තු බද්ද කියලා. පරම්පරාවෙන් යම් දෙයක් උරුම වුණා නම්,අම්මගෙන් කණකර උරුම වුණා නම්, දුවට, තාත්තාගෙන් යම් දේපලක් උරුම වුණා නම්, පුතාට, ඒ සියල්ලටත් බද්දක් ගහන්න යනවා පරම්පරා බද්ද කියලා. අපට බදු ගහලා, අපිව නැති බැරි ශ්‍රී ලංකා කලාට, එතුමට ඉන්නවා පුළුවන් ශ්‍රී ලංකා කට්ටියක්. කවුද ඒ? මතකද වංචාවෙන්,මත්පැන් බදු නොගෙවා, බදු පොලු තියලා, බැංකු පොලු තියලා, කෝටි ගණන් හම්බ කරපු අය. නේද? මේ විදියට පහුගිය කාලේ ප්‍රකෝටි ගණන් වංචා කරපු, වංචනික රැළ ඉන්නේ, අද රනිල් වික්‍රමසිංහ මහත්තයා පිටිපස්සේ. ඒගොල්ලෝ තමයි පුළුවන් කට්ටිය. අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඔබව මේ පුළුවන් ශ්‍රී ලංකා කියන ජාවාරම්කාරයෝ ටිකගෙ බදු අය කර ගෙන නැති බැරි ශ්‍රී ලංකාව,ගොඩනැගීමයි සජිත්ගෙ ප්‍රතිපත්තිය. ඒක තමයි අපේ සමාජවාදය.

මම ඉල්ලා හිටිනවා අපේ පැරණි පොහොට්ටුවේ සාමාජිකයන්ගෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස්වලින් රනිල් දිනන්නෙ නෑ විතරක් නෙවෙයි අද තුන්වැනියා ද, හතරවැනියා ද කියන ප්‍රශ්නය තමයි එතුමට තියෙන්නේ. ඡන්දය අපතේ යවන්න එපා. ඡන්දය අපතේ යවලා, අනුර කුමාර දිසානායකට අතිරේක වාසියක් ලබා දෙන්න එපා. මේ දවස් හතරේ දී රටේ ආර්ථික නිදහස, ප්‍රජාතාන්ත්‍රික, ආගමික නිදහස වෙනුවෙන්, සජිත් ප්‍රේමදාසට ඔබේ ඡන්දය ලබා දෙන්න. ඒ ඡන්දෙන් පස්සේ අපි ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරමු. දැනට මේ සියලුම පොහොට්ටුවේ සාමාජිකයන්ගෙන් රනිල්ට වැඩ කරන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ගෙන් රනිල්ට වැඩ කරන අපි ඉල්ලන්නේ බොරු වැඩ කරලා, කාලේ නාස්ති කරන්න එපා. මේ ජයග්‍රහණයත් එක්ක, මේ ජය මාවතත් එක්ක එකතු වෙන්න කියලා.” යනුවෙන් රණවක මන්ත්‍රීවරයා තවදුරටත් කියාසිටියි.

රණවක මහතා මෙම අදහස් දක්වා සිටියේ අද (16) සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා අනුරාධපුරයේ දී පැවති රැළිය අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...