මිනිස්සුත් එක්ක අපි ඉන්න හැටියට අපේ ගෙවල්වලට කවුරුත් ගහන්නෙ නෑ – තිස්සකුට්ටි

බණ්ඩාරවෙල සහ බදුල්ලේ ජනතාව සමග තමන් කටයුතු කරන ආකාරය අනුව තමන්ගේ නිවසට කිසිවෙකුත් පහර නොදෙන්නේ යැයි තමන්ට විශ්වාස බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.

ප්‍රශ්නය – අපි දැක්කා බොහෝ මහජන නියෝජිතයින්ගෙ නිවෙස් ආසන්නයට ජනතාව ගිහිල්ලා විරෝධය දක්වලා නිවාසවලට ගහනවා. හැබැයි ඔබේ නිවසට තාම පහරදීලා නෑ ?

“මං හිතන්නෙ ජනතාවත් එක්ක ඉන්න දේශපාලනඥයො විදියට ඒ ඒ ප්‍රදේශවලදී අපි දැක්කා බාහිරින් ආපු පිරිස් තමයි විශාල වශයෙන් මේ දේශපාලනඥයින්ගෙ ගෙවල්වලට ගියෙ. බණ්ඩාරවෙල සහ බදුල්ල දිස්ත්‍රික්කයේ අපි ඉන්න විදිහේ හැටියට මං හිතන්නෙ ජනතාව විසින්ම ඒක මැඩපවත්වන්න ඇති කියන විශ්වාසය තමයි මගේ හිතේ දැනටත් තියෙන්නෙ”

තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (08) දිනයේදී රූපවාහිනී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...