විදේශ සංචිත වැඩිඋනා කිව්වට වැඩක් නෑ කොහොමද වැඩිඋනේ කියලත් කියන්න – සජබ

Date:

පසුගිය සතියේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක් ලෙස පැවති විදේශ සංචිත ප්‍රමාණය එකවරම බිලියන 3.1 ක් දක්වා වැඩිවූයේ කෙසේද වැඩි වූ සංචිත පවතින්නේ කෙසේද යන්න රටට හෙළිකළ යුතු බව සමගි ජන බලවේගය පවසනවා.

අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩර මහතා සඳහන් කළේ ඒ පිළිබඳ දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බවයි.

ඇමරිකානු ඩොලර්වලින් මෙන්ම වෙනත් මුල්‍ය ඒකකවලින් සේම රත්රන් සංචිතවලින්ද විදේශ සංචිත ඉහළ යන බවත්, අලුතින් ඩොලර් බිලියන 1.5 ක සංචිත ලැබුණේ කෙසේද යන්න පැහැදිලි කළයුතු බවත් මන්ත්‍රීවරයා පවසනවා.

සංචිත වැඩිවූයේ රත්රන්වලින් හෝ යුආංවලින් නම් ඒවා ඩොලර් වියදම් පියවීමට හෝ විදේශ ණය ගෙවීමට භාවිතා කළ නොහැකි බවත් යුආංවලින් සිදුකළ හැක්කේ චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා මුදල් ගෙවීම පමණක් බවත් නලින් බණ්ඩාර මහතා සඳහන් කරනවා.

ඩොලර් අර්බුදය තාවකාලිකව හෝ විසඳිය හැක්කේ ඩොලර්වලින් විදේශ සංචිත ඉහළ යන්නේ නම් පමණක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුනෙස්කෝ ලෝක උරුමයන්ගෙන් පිරි ඉතාලිය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): "ලෝකයේ වෙනත් ඕනෑම...

Anutin Charnvirakul තායිලන්තයේ නව අගමැති ලෙස පත් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තය සඳහා නව...

විමල්ගේ විරෝධය!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව ICCPR පනත භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්...