තවත් වෙඩි තැබීමක්!

0
294

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ (LNW):

අද (19) උදෑසන රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබෙන බව වාර්තා වේ.

නාඳුනන වෙඩික්කරුවෙක් විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.

ඔහු ආපන ශාලාවක් තුළ ලේ ගලමින් වැටී සිටියදී සොයා ගත් බවද සඳහන් වන අතර, මෙය ගතවූ පැය 24 තුළ සිදුකළ සිව්වන වෙඩි තැබීම බවද පොලීසිය පවසා සිටී.