හෙට පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙන වෙලාව ගැන ඉඟියක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ (LNW):

හෙට (21) රාත්‍රි 11.00 පමණ වනවිට ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් කළ හැකියැයි විශ්වාස කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, ප්‍රථමයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකි වනු ඇති බවත්,ඡන්ද ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් යොදා තිබෙන බවත් වාර්තා වේ.

තැපැල් ඡන්දය ගණනය කිරීම 21 වැනිදා පස්වරු 4.15ට පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයින් ලක්ෂ 07කට ආසන්න පිරිසක් තැපැල් ඡන්දය භාවිත කර තිබුණු බවද සඳහන් වේ.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ, ඡන්දය ගණනය කිරීම රාජ්‍ය සේවකයින් විසින් සිදු කරන බවයි.

Monara

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින් ආර්ථිකයට සහ සමාජයට ඔවුන්ගේ දායකත්වය ලැබෙනු දැකීම සතුටක්: ජනපති මාලදිවයිනේදී කියයි.

මාලදිවයින් රාජ්‍ය සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ස්වභාවධර්මය ජීවමාන කරවන කුරුළු ලෝකෙන් බිඳක්!

සටහන – පුලී ජූලි 29, කොළඹ (LNW): කුරුල්ලන් දිගු කලක් තිස්සේ...

නිත්‍යා සේනානිට දුන්න ලක්ෂ ගණනක දීමනා ගැන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමර්ශනයක්?

කොළඹ LNW:ශ්‍රී ලංකා ගුවන් සේවයේ සේවයේ නියුතුව සිටි නිත්‍යා...