තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් දෙදෙනකෙුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ (LNW):

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සම්බන්ධ රාජකාරි පැහැර හැරීම හේතුවෙන්, තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් දෙදෙනකෙුගේ වැඩ තහනම් කර තිබේ.

එම සේවකයින් කළුතර සහ පුත්තලම තැපැල් කාර්යාලවලට අනියුක්තව සේවය කරන බව,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය,

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 99 ක් බෙදා අවසන් කර තිබේ. නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එක්කෝටී හැට නව ලක්ෂ තිස් නව දහස් තුන්සිය අනු අටක්  බෙදා ඇති බවයි. මේ අතර 2024 ජනාධිපතිවරණයට අදාළ මෙතෙක් නොලැබුණු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද(20) දිනයේත් තමන්ට ආසන්න තැපැල් කාර්යාලයෙන් ලබා ගැනීමට ඡන්ද දායකයින්ට පහසුකම් සලසා  ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ හෙට(21) දිනයේත් ඒ සඳහා අවස්ථාව පවතින බවයි. සිය අන්‍යතාව තහවුරු කර පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ඒවා ලබා ගත හැකියි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැතිව වුවද හැඳුනුම්පත රැගෙන යාමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව මහජතාවට පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...