තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් දෙදෙනකෙුගේ වැඩ තහනම්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ (LNW):

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සම්බන්ධ රාජකාරි පැහැර හැරීම හේතුවෙන්, තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් දෙදෙනකෙුගේ වැඩ තහනම් කර තිබේ.

එම සේවකයින් කළුතර සහ පුත්තලම තැපැල් කාර්යාලවලට අනියුක්තව සේවය කරන බව,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය,

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 99 ක් බෙදා අවසන් කර තිබේ. නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එක්කෝටී හැට නව ලක්ෂ තිස් නව දහස් තුන්සිය අනු අටක්  බෙදා ඇති බවයි. මේ අතර 2024 ජනාධිපතිවරණයට අදාළ මෙතෙක් නොලැබුණු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද(20) දිනයේත් තමන්ට ආසන්න තැපැල් කාර්යාලයෙන් ලබා ගැනීමට ඡන්ද දායකයින්ට පහසුකම් සලසා  ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ හෙට(21) දිනයේත් ඒ සඳහා අවස්ථාව පවතින බවයි. සිය අන්‍යතාව තහවුරු කර පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ඒවා ලබා ගත හැකියි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැතිව වුවද හැඳුනුම්පත රැගෙන යාමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව මහජතාවට පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...