නොනිදන අරගලය : අදත් ගෝල්ෆේස් පිටිය අසල විරෝධතා අඛණ්ඩවම !

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට එරෙහිව ජනතාව විසින් කොළඹ ගෝල්ෆේස් පිටිය අසල ඊයේ උදෑසන ආරම්භ කළ විරෝධතාවය අදත් (10) අඛණ්ඩවම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඊයේ උදෑසන 9.00 ට ආරම්භ කෙරුණු විරෝධතාවට දවස පුරාම විවිධ ප්‍රදේශවලින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විවිධ වයස් කාණ්ඩවල ජනතාව එක්වූ අතර රාත්‍රිය මුළුල්ලේමත් අඛණ්ඩව එම විරෝධතාව ක්‍රියාත්මක විය.

අප්‍රේල් 11 සහ 12 විශේෂ රජයේ නිවාඩු දින වශයෙන් ප්‍රකාශයට පත්කර තිබියදී සහ ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රවාහන දුෂ්කරතා පැන නැඟී තිබියදීත් අතිවිශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටීම විශේෂත්වයකි.

එමෙන්ම මෙම විරෝධතාව කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් විසින් මෙහෙයවන්නක් නොවී ජනතාව ස්වේච්ඡාවෙන්ම එකතුවෙමින් සිදුකරන්නක් වීම ද සුවිශේෂී වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...