නොනිදන අරගලය : අදත් ගෝල්ෆේස් පිටිය අසල විරෝධතා අඛණ්ඩවම !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට එරෙහිව ජනතාව විසින් කොළඹ ගෝල්ෆේස් පිටිය අසල ඊයේ උදෑසන ආරම්භ කළ විරෝධතාවය අදත් (10) අඛණ්ඩවම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඊයේ උදෑසන 9.00 ට ආරම්භ කෙරුණු විරෝධතාවට දවස පුරාම විවිධ ප්‍රදේශවලින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විවිධ වයස් කාණ්ඩවල ජනතාව එක්වූ අතර රාත්‍රිය මුළුල්ලේමත් අඛණ්ඩව එම විරෝධතාව ක්‍රියාත්මක විය.

අප්‍රේල් 11 සහ 12 විශේෂ රජයේ නිවාඩු දින වශයෙන් ප්‍රකාශයට පත්කර තිබියදී සහ ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රවාහන දුෂ්කරතා පැන නැඟී තිබියදීත් අතිවිශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටීම විශේෂත්වයකි.

එමෙන්ම මෙම විරෝධතාව කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් විසින් මෙහෙයවන්නක් නොවී ජනතාව ස්වේච්ඡාවෙන්ම එකතුවෙමින් සිදුකරන්නක් වීම ද සුවිශේෂී වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...