සජිත්ගේ අගමැතිකම අපි ප්‍රමෝට් කරනවා – නවීන් දිසානායක

කොළඹ LNW:ප්‍රධාන වශයෙන්ම සමඟි ජන බලවේගය හා එකමුතුව ඉදිරිය සැලසුම් කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂයේ නවීන් දිසානායක මහතා පැවසුවේය.

ඒ, අද (27) කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ කාර්යාලයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණු රැස්වීමට පැමිණි අවස්ථාවේදීය.

සජබය හා UNP යනු එකම පාක්ෂික පිරිසක් වන හෙයින් එම ජන්ද දෙකම එකතු කිරීමෙන් දැනට පවතින තත්ත්වය අනුව ජාතික ජන බලවේගයට වඩා ජන්ද තිබෙන බවයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් දිසානායක මහතා සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයට තරඟ නොකිරීමත් ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තු පැමිණීමට අපේක්ෂා නොකිරීම තුළ සජිත් ප්‍රේමදාස මහතාගේ අගමැතිකම ප්‍රමෝට් කරන බව ඔහු ප්‍රකාශ කරන ලදී.

සජබය සමඟ එකඟ වන්නේ නම් එම ස්ථාවරය පිළිගැනීමට සිදුවන බවද ඔහු පැවසුවේය.

එලෙස බහුතරයක් කැමති බව පෙනෙන්නට ඇති බවත් නවීන් දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...