ඝාතනවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ඊශ්‍රයලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් දියත් කරයි (video)

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රධාන හමුදා සහ ආරක්ෂක ඉලක්ක වෙත බැලස්ටික් මිසයිල 180කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ බව ඉරානය නිවේදනය කර තිබේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකශ කර තිබුණේ, පසුගිය සතියේ හිස්බුල්ලා ප්‍රධානී හසන් නස්රල්ලා සහ IRGC අණදෙන නිලධාරි අබ්බාස් නිල්ෆෝරූෂාන් මෙන්ම මේ වසර මුලදී හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ප්‍රතිචාරයක් ලෙස ඉලක්ක 80ක් වෙත සාර්ථකව ප්‍රහාරය දියත් කළ බවයි.

ඉරානයේ ප්‍රහාර හේතුවෙන් ජෙරුසලමේ සහ ටෙල් අවිව්හි පිපිරීම් ඇතිව වූ අතර ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි කියා තිබුණේ, ඊශ්‍රායලයේ අයන් ඩොම් පද්දතිය මිසයිල විසින් ගුවන් සිමාව තුලම විනාශ කළ බැවින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි.

ප්‍රහාරය බරපතල බවත් කාලානුරූපීව ප්‍රතිවිපාක ඇති කරන බවත් ගගාරි ප්‍රකශ කර තිබු අතර එසේ ඉරානය වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් මීළඟ ප්‍රතිචාරය වඩාත් විනාශකාරී වනු ඇති බවයි, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනය කර තිබුණේ,

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාවු ප්‍රකශ කර තිබුණේ, ඉරානය ඉරානය අද රාත්‍රියේ විශාල වැරැද්දක් කර ඇති අතර ඒ සඳහා වන්දි ගෙවණු ඇති බවයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පැවසුවේ ප්‍රහාරය “සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි” බවත් එය මුළු ලෝකයම හෙළා දකින බවත් ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් අමතර ආරක්ෂක සහයක් ලබා දීමට තම හමුදාව සූදානම් බවත් ප්‍රකාශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...