මත්පැන් නිෂ්පාදකයින් සුරාබදු දෙපාර්තමේන්තුවට කැඳවයි. හිඟ බදු ගෙවීමට කල්දෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2023 – 24 කාලසීමාවට අදාළ සුරාබදු ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (02) සුරාබදු දෙපාර්තමේන්තුවේදී පවත්වා තිබිණි.

මත්පැන් නිෂ්පාදන සමාගම් 26ක නියෝජිතයින් මෙම රැස්වීමට කැඳවා තිබුණු අතර බදු පැහැර හැර ඇති සමාගම්වලට හිඟ බදු ගෙවීම සඳහා 2024 නොවැම්බර් 30 වනදා දක්වා කාලය ලබාදුන් බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කළේ.

“2023/24 වර්ෂයේ හිඟබදු සියල්ල නොවැම්බර් 30 වෙනකොට ගෙවලා අවසන් කරන්න ඕනෙ. එහෙම නැතිවුණොත් අපි 2025 වර්ෂයට මත්පැන් බලපත්‍රය අලුත් කරන්නේ නැහැ. ඒ වගේම දැනට නිෂ්පාදන කරන මත්පැන් සඳහා බද්ද මොන අපහසුතාවය තිබුණත් ගෙවීමට කටයුතු කරන්න කියන දැනුම්දීමත් අපි අද දවසේ සිද්ධ කළා. හිඟ බදු මුදල මේ වෙනකොට 23 – 24 වර්ෂ දෙකේම බිලියන 1.80 ක විතර ප්‍රමාණයක් තියෙනවා. ඒ සියල්ලම අපි නොවැම්බර් 30 වෙනකොට අය කරගෙන අවසන් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නෙ. බිලියන 232ක් අපේ ඉලක්කය මේ අවුරුද්දේ, ඒකෙන් මේ වෙනකොට අපි බිලියන 162ක් හොයාගෙන තියෙනවා. ගිය අවුරුද්දත් එක්ක බලනකොට බදුවල විශාල වැඩිවීමක් අපට දීලා තියෙන්නෙ, බිලියන 53ක වැඩිවීමක්. අපි උපරිම ආකාරයෙන් මේ මාස තුනේ රාජකාරි කරලා අපි නිලධාරීන්ටත් දැනුම් දීලා තියෙනවා තමන්ගෙ රාජකාරිය අකුරට ඉෂ්ට කරන්න කියලා”

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔවුන් පැවසුවේ මත්පැන් බෝතලයක මිලෙන් 70% කට වැඩි ප්‍රමාණයක් බදු වශයෙන් අය කරන බවත් මේ අධික බදු බර නිසා මත්පැන් මිල ඉහළ යාමෙන් ජනතාව නීතිවිරෝධී මත්පැන් භාවිතයට පෙළඹෙමින් සිටින බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...