*
Monday, October 7, 2024
spot_img

Latest Posts

ලෝකය අවදි වෙමින් ඇත – එහෙත් ලංකාව නින්දේය

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 07, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව,ඒ හා බැදුණු වංචනික ක්‍රියා ගැන අපි බොහෝ කාලක සිට ලියන්නේ ඒවා ලංකාවෙන් පිටට විහිදුණු ආසියාතික වශයෙන් පවා සබඳකම් තිබෙන මූලාශ්‍ර ද දක්වමිනුයි.ඒ සියල්ල සිඳුවෙද්දී සහ මේ මොහොත වන විට පවතින දේශපාලන තත්ත්වයේදී ද,අධිකරණමය තීරණ පවා නොසළකා රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම දේශාපාලනමය වූ ව්‍යහුය තුළ ද රගර් මෙහෙයවීම සිඳුවන්නේ පහත් සහ අනීතික තත්ත්වයක බව ද අපි එහිදී පෙන්වා දී ඇත්තෙමු.

එහෙත් ලංකාවෙන් පිටත සිට ලංකාවේ රගර් අසීමාන්තික විදිහට සිර කර පාලනය කිරීමේ කාරණය ආසියානු බලධාරීන්ට ලබා දීමට ලංකාවේ රගර් ක්‍රීඩාවට කළු සළකුණු එකතු කළ සහ එහි ගිණුම මත ණය බර පැට වූ පුද්ගලයින් සමඟ එක්ව මේ රටේ දේශපාලන අධිකාරිය රටේ රගර් ක්‍රීඩාවේ ස්වාධිනත්වය වෙනුවෙන් සහ අභිමානය වෙනුවෙන් ක්‍රීයා කළ පිරිස් නිහඬ කර ඉවත් කිරීමේ යෙදුණ බව ද පෙන්වා දුන්නෙමු.ආසියානු රගර් බලපෑම ලංකාවේ රගර් මත මේ රටේ දේශපාලනය සමඟ එක්ව පවත්වාගෙන යාමට යොදා ගත් ලංකාවේ රගර් ක්‍රීඩාවේ වැරදි සමඟ බැදුණු නම් ද,දේශපාලකයෝ ද අපි නම් පිටින් හෙළිදරව් කළ ඉතිහාසයේ වැරදි ඊට පෙර සිටම බලපාන පරිදි දශකයකට පමණ එහා සිට සාක්ෂි පදනම් සහිතවද පෙන්වා දී ඇතත්, සිටි කිසිඳු ක්‍රීඩා අමාත්‍යවරයෙක් ඊට අවශ්‍යය පියවර ගත්තේ නැත.

ඒ තත්ත්වය බරපතල විදිහට ලංකාවේ රගර් ක්‍රීඩාවට දැනෙන්නට ගත්තේ නාමල් රාජපක්ෂගේ සිට හරින් ප්‍රනාන්දු දක්වා වන කාල පරිච්ඡදෙ තුළය.එහිදී එක දිගට චෝදනා එල්ල වූ පුද්ගලයන් පිළිබඳ පරීක්ෂණයක් පවා සිඳු නොවුණු අතර,රට ධඩවලට නතු කරන තීරණ ගත් අයට විවිධ වරදාන වගකීම් දේශිය මට්ටමෙන් පිරිනම්නට දේශපාලකයන් පමණක් නොව ආසියානු පරිපාලනයේ ඉහළින් ද නොපැකිළිව ඉදිරිපත් වෙමින් ලංකාවේ දේශීය රගර් ක්‍රීඩාවේ අනුග්‍රාහකයින් පවා උස්සන් යන තත්ත්වයට පත් කරමින් වැඩ කළ අවස්ථා ගැන ද අපි ලීවෙමු.

මේ සියල්ල බලය සහ හෙළිදරව් කිරීමේ කාරණාවන්ට බලපෑම් කරමින් ද පවත්වා ගෙන යාමට ජාත්‍යන්තර සහය ලෙස සහ ජාත්‍යන්තර උවමනාව ලෙස යොදා ගන්නට දේශපාලකයන් සහ නිලධාරීන් පාවාඩ පිරුවට බවට සැළකූ ආසියානු පරිපාලනය මේ වන විට අප වැනි මාධ්‍යයන් ඉදිරිපත් කළ කරුණුවල ඉංග්‍රිසි පරිවර්ථනද ඇතුළුව,විවිධ ජනමාධ්‍ය සහ වෙනත් තොරතුරු මූලාශ්‍ර කරගෙන එහි මූල්‍ය පාලනය පදනම් වූ කරුණු ද ඇතුව දරුණු විෂමාචාර ක්‍රියාවන් පිළිබඳව අවධානය යොමු කර පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වන්නේය.

ආසියානු රග්බි පෙන්නා දේශිය රග්බිවලට කඩතොළු කළ පුද්ගලයින් ලංකාවේ දේශපාලකයන්ගේ ආශිර්වාදය සහ නිලධාරීන්ගේ සහයෝගය ඇතුළු කළ සැඟවී සිටීමේ තරම පහත ලිපියෙන් ඔබට දැක ගැනීමට මෙන්ම දැන ගැනීමට ද ඉඩ ඇත.එය හරිනි අමරසූරිය දක්වාම අවධානය යොමු නොකර තබාගෙන ඇත. ශ්‍රී ලංකාවේ රගර් ලෙස මේ මොහොතේ අධිකරණමය වශයෙන් දෙන ලද තීන්දු ද හරියට අවබෝධ කර නොගෙන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සිය පාලනයේ තබා ගෙන,රගර් පරිපාලනයේ වගකීම නිසි ලෙස ඉටු නොකිරීම නිසා එල්ල වූ චෝදනා මත ඉවත් කළ නිලධාරීන්ට තටු සවිකර,ඔවුන්ගේ අඛණ්ඩ බලපෑම යටතේ පවත්වා ගෙන යන සංයුතියකට රටේ නව ආරක්ෂක ලේකම්වරයා ද නොමඟ යවමින් කැඳවා ශිල්ප දක්වන්නට ඉඩ දෙමින් ඇත.

අදාළ ලිපියට පිවිසෙන්න → https://bit.ly/3TTYsJN

මේ තත්ත්වයන් සමඟ ඔබට පැහැදිළි වන්නේ ලෝකය ආසියාව සමඟ අවදිව ඇති බවය.මේ වන විටත් ඉදිරිපත් වී ඇති විගනන වාර්තාවලින් ආසියානු පරිපාලනය නෙමේරු එකක් බව සඳහන් කරන්නට පෙළැඹි ඇත.හොංකොං සිට වත්මන් සභාපතිවරයා ආසියානු රග්බි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන ආ තැන සිට මේ ප්‍රශ්න කිරීම්වලදී එහි ඇති අර්බූද තත්ත්වය කෙතරම් ද යන්න තේරුම් ගැනීමට,හොංකොං හී සිට රැඟෙන ආ ආසියානු මූලස්ථානය එමීර් රාජ්‍යය තුළ නීත්‍යාණුකූලව පිහිටුවා නැති වීම මෙන්ම ඒ නිසා ගිණුමක් ආරම්භ වි නොමැති බවත්,ආසියානු රග්බි ගිණුම ලෙස සියලු ගණ් දෙනු කෙරෙන්නේ එක්සත් අරාබි එමීර් රගර් පරිපාලන ගිණුම හරහා බව ද එම වාර්තා පෙන්වා දෙයි.

එසේම ශ්‍රී ලංකාවේ රගර් සිය ස්වාධීනත්වය වෙනුවෙන් අභියෝග කළ අවස්ථාවේදී ඊට ගත් ක්‍රියාමාර්ග ද පදනම් කරගෙන ශ්‍රී ලංකාවට සහ කාම්බෝජයට දක්වන සැළකිලිවල වෙනස්කම් ද මෙහිදී අවධානයට ගෙන ඇත.වගවීම සම්බන්ධයෙන් මෙන්ම මූල්‍ය කටයුතුවල අපැහැදිළිතා සම්බන්ධයෙන් ද විශ්වසනීයත්වයක් නොමැතිවීම ගැන දක්වා ඇති කරුණුවලට අනුව ඉදිරි ක්‍රියාමාර්ගවලට යොමු වෙන්නට ලෝක රග්බි සම්මේලනයේ අවධානය යොමු වී ඇතත්,ඒ මත පිහිටා එයින් රැකෙන තත්ත්වයක තවමත් සිටින ශ්‍රී ලංකා රගර් හී හැසිරීම ඒ අනුව ක්‍රියාත්මක කරන්නට සිතූ දේශපාලකයන්ට ආ වැඩූ දේශපාලන කාර්ය මණ්ඩල තනතුරු මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයේ පරිපාලන තනතුරු ද වත්මන් අමාත්‍යවරියට ද මේ බව කියනු ඇතැයි සිතිය නොහැකිය.

ලංකාවේ රගර් පරිපාලනයට වැරදි කළ එහෙත් දඩුවම් නොලැබ සිටින පිරිස් ද,මූල්‍ය පරිපාලනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පිරිස් ද එවැනි චෝදනා නිසා සිය පාසලට පවා වැද්ද නොගෙන ඉවත් කළ පිරිස් ද,රගර් පරිපාලනයන් විසින්ම චෝදනා කළ තහනම් කළ පිරිස් ද යළි යළිත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව තුළ ඉහළින්ම රැකවරණ ලබ දේශපාලන සංස්කෘතියක් තිබියදී,පරිපාලනයට සම්බන්ධ අයගේ ආශිර්වාදයට ලක්වන මොහොතකදී ආසියාවේ පවතින පරිපාලන ව්‍යහුය ද වගකීම් පරිනමා කැඳවන අයුරුද දුලබ නැත.එකම ජාතියේ කුරුල්ලෝ එකට වසා රගර් උත්සවශ්‍රීයෙන් වළදමින් ඇත.

අප මීට පෙර පැවසූ පරිදි වසර සියයකට එහා ඇති ශ්‍රී ලංකා රගර්,සිය මුණුපුරු වයසේ සිටින එක්සත් එමීර් රාජ්‍ය්‍යට අවශ්‍යය පරිදි සසැලෙන,එහි ආවතේවකරුවෙක්ව ලංකාව පවත්වාගෙන යාමේ උවමනාවට අලෙවි කර දේශපාලනයකද,රාජ්‍ය පරිපාලනයකද ආශිර්වාදයෙන් හැංගි සිටිය යුතු චූදිතයන් එළිපිට කරණම් ගසන විලාශය ලෝක රග්බි වෙතින් හෝ නොපිට පෙරළා දුන්නොත් ආසියාවේ රගර් නැවත වගනීමෙන් යුතු තැනක පවතිනු ඇත.එහෙත් ලංකාවේ රගර් සම්බන්ධයෙන් සාක්ෂි සාධක සහිතව අප කරනු ලබන හෙළිදරව්නම් හරිනි අමරසූරියගේ ද ඇඟේ වැදී බිම වැටී පෑගෙන තත්ත්වයකට පත් වෙන බව පෙනෙන්නට ඇත්තේ ඇයට ඒවා සම්බන්ධ වන්නේ පෙර අතීත අශුද්ධ දූෂිත සමබ්න්ධතා සහිත දේශපාලන උවමනාවන් මත හැසිරුණු දේශපාලන නිල මඩුළුවල සාමාජිකයන්ගෙන් පෙරී බේරී එන දේවල් හැටියටමය.රාජ්‍ය නිලධාරීන් ද එබඳුමය.අඩුම තරමේ කියන කරුණු තවමත් සළකා බැලීමක්වත් වන ලකුණක් නැත්තේ හොරාගෙ අම්මගෙන් පේන අසන්නට ගොස් ඇත්ත හොරා අල්ලා ගැනීමේ බලාපොරොත්තුවක් තබා ගැනීමෙන් පලක් නැති බව පෙන්නා දෙමින්ය.තවමත් එල්ලවන ඊතල සිතල කර අකර්මන්‍ය කරන සාධක බැමි බැද ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan