සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 09 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:වසර 20 කට වැඩි කාලයක් සභාපති ලෙස Tata සමූහ ව්‍යාපාරය පවත්වාගෙන ගිය ‘රතන් ටාටා’ ඉකුත් සඳුදා සිට මුම්බායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
Tata Sons හි හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වූ බව බදාදා දින නිවේදනයක් නිකුත් කරමින් Tata සමූහය නිවේදනය කර තිබේ. මියයන විට ඔහු 86 වන වියේ පසුවිය.
ඔහු වසර 20කට වැඩි කාලයක් Tata සමූහ ව්‍යාපාරයෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
ඔහුගේ රෝහල් ගතවීම සාමාන්‍ය පරීක්ෂණයක කොටසක් බව Tata මෑතකදී මහජනතාවට සහතික කළද, ඔහුගේ සෞඛ්‍යය පිරිහී ගොස්, ඔහු දැඩි සත්කාර ඒකකයට ගෙන යන ලද බව ද ආරංචි මාර්ග පවසයි.