*
Friday, October 11, 2024
spot_img

Latest Posts

චමිපිකගේ පිලේ කරු පරණවිතාන සමඟි නාම යෝජනාව ඉවත් කර ගනී!

කොළඹ LNW:සමගි ජන බලවේගය සමග එක්සත් ජනරජ පෙරමුණ අතර පැවති අවබෝධතා ගිවිසුමේ කොන්දේසි සමගි ජන බලවේගය පාර්ශවයෙන් ඒ ආකාරයට ඉෂ්ට නො වීම හේතුවෙන් තම පක්ෂය මැතිවරණ ක්‍රියාවලියෙන් ඉවත් වීමට ගන්නා ලද තීරණයට එකඟ වෙමින් තමන් විසින් රත්නපුර දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණය සඳහා අත්සන් කරන ලද නාම යෝජනාව ඉවත් කර ගැනීමට කටයුතු කළ බව එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන මහතා ප්‍රකාශ කළේය.

ගිවිසුම ප්‍රකාරව තම පක්ෂය වෙත ජාතික ලැයිස්තුව මන්ත්‍රී ධුරයක් හිමි වූ බවත් ගැටලුව වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නොව පක්ෂය සඳහා ලැබුණු නාම යෝජනා කෝටාව බවත් පරණවිතාන මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරණයට පෙර එළඹි ගිවිසුම අනුව එම මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් මහ මැතිවරණයේදී එක්සත් ජනරජ පෙරමුණේ දිස්ත්‍රික් එකොළහකට අපේක්ෂකයෝ එකොළහක් සඳහා නාම යෝජනා ලබා දීමටත් දෙපාර්ශවය එකඟ වූ එම අවබෝධතා ගිවිසුමේ කොන්දේසි ඒ ආකාරයට ඉටු වී නොමැති බව පෙනෙන්නට තිබෙන බවයි ඔහු පැවසුවේ.

”ඇත්තෙන්ම මම රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂකත්වය මට ලැබිලා තිබුණා. මම නාම යෝජනාත් අත්සන් කළා. මම රත්නපුරේ වැඩ කටයුතු කරමින් ඉඳලා, ඊයේ මගේ වත්කම් ප්‍රකාශය භාර දෙන්න එන කොට, මට දැන ගන්න ලැබුණා, අපේ පක්ෂයට ලැබිය යුතු ඒ මන්ත්‍රී නාම යෝජනා කෝටාව ඒ ආකාරයෙන්ම ලැබිලා නැහැ. දෙක, තුනක් ලැබිලා තිබුණා. නමුත් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය වෙලා තිබෙනවා කියලා. ඉතින් අපේ පක්ෂයේ මතය වෙලා තිබෙන්නේ එසේ අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කරලා තිබෙන නිසා අපි සමස්තයක් හැටියට මේ මැතිවරණ ක්‍රියාවලියෙන් අයින් විය යුතු බව පක්ෂය තීන්දු කරලා ඒ බව අපේ පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක මැතිතුමා මාධ්‍යයටත් දැනුම් දුන්නා.

එසේ දැනුම් දීලා තිබෙද්දීත් මට විශේෂ පැහැදිලි කිරීමක් කරන්නට අවශ්‍ය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම රත්නපුරේ ජනතාවට. පසුගිය කාලයේ මං මන්ත්‍රීවරයෙක් ව නොසිටිය කාලේ විශාල පිරිසක් මා සමඟ එකට ආදරයෙන් බැඳිලා වැඩ කරමින් හිටියා. ඇත්තෙන්ම මේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ඇතුළත ඊයේ වෙනකම් මැතිවරණ ව්‍යාපාරය ඇතුළතත් අති විශාල ජනතාවක් රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන අටේම මාත් සමඟමත් ඒ වගේම අපේ සමගි ජන බලවේගයේ කණ්ඩායමත් සමඟමත් සමගියෙන් බෙදිලා ඒ මැතිවරණ ව්‍යාපාරය ඉතා හොඳින් කර ගෙන යන්න අපිත් එක්ක දායක වුනා. ඉතින් මං මේ වෙලාවේ ඉතා ම කනගාටුවෙන් නමුත් රත්නපුර දිස්ත්‍රික් රටේ ජනතාවට මට කියන්න තියෙනවා අපේ පක්ෂය ගත්ත තීන්දුවත් එක්ක මම සාමූහික ව බැඳී සිටිනවා. ඒ තීන්දුවට අනුව මගේ නාම යෝජනාව මම ඉවත් කර ගන්නවා කියලා. මම ඒ බව සමගි ජන බලවේගයේ අපේ දිස්ත්‍රික් කළමනාකාර මංජුල විජේරත්න මහතාට මම දැනුම් දුන්නා. ඒ අනුව මම හිතන්නේ මේ වන විට මගේ නම ඉවත් කරලා වෙන නමක් දාලා තිබෙනවා. කොහොම වුනත් ඒ රත්නපුර නායකයෝ මොන තීන්දු ගත්තත් ඉහළ මට්ටමේ දී, මම දන්නවා රත්නපුර දිස්ත්‍රික්කයේ අපේ සමගි ජන බලවේගයේ කණ්ඩායම ඉතාම හොඳ කණ්ඩායමක්. ඒ අය ඉතා ම සමගියෙන් මැතිවරණ ව්‍යාපාරයේ කටයුතුවල නියැලිලා සිටිනවා. ඒ වගේ ම තමයි ජනාධිපතිවරණ පරාජයක් තිබුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඉතාම අඩුවෙන් පරාජය වුණේ. සමහර ආසන, විශේෂයෙන්ම අපි වැඩ කරපු ආසන, පැල්මඩුල්ල, නිවිතිගල, රක්වාන, බලංගොඩ, කලවානේ ආදී ප්‍රදේශ ඉහළ ජයග්‍රහණ සමගි ජන බලවේගයට ලැබිලා තිබුණා. ඒ ජනතාවගේ තව වෙනකම් වෙනස් වෙලා නෑ.”

කෙසේවෙතත් පරණවිතාන මහතා රත්නපුර දිස්ත්‍රික් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉහළ මට්ටමේ මොන තීන්දු ගත්තත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු ඉතාමත්ම හොඳ මන්ත්‍රීවරු, අපේක්ෂකයෝ සිටින හෙයින් ඒ සියලු දෙනාටම සහයෝගය උපරිම ආකාරයට ලබා දෙන ලෙසයි.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ අද (11) පෙරවරුවේ එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේ දී ය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan