අපි කලබලේට හොරු අල්ලන්නෙ නෑ – වසන්ත සමරසිංහ

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හොරුන් අල්ලන්නේ හොඳින් සොයාබලා බව එම පක්ෂයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

“සමහරු කලබල වෙලා තියෙන්නෙ නිකම් නෙවෙයි. සමහරු අපට කියන්නෙ නිකම් හොරු අල්ලන වේගෙ මදි වගේ කියලා. හරියට හොරු ඇල්ලුවා වගේ ඒ කට්ටිය. අපි කලබලේට හොරු අල්ලන්නෙ නෑ. ඒ නිසා හරියට බලලා අල්ලලා දාන්නෙ ආපහු එළියට එන්න නෙවෙයි මාලිමාව හොරු අල්ලන්නෙ කියන එකත් අපි සහතික කරලා මේ රටේ ජනතාවට කියනවා. අද වෙනකොට අනුරාධපුරේ හිටපු මුදල් රාජ්‍ය ඇමති නාමයෝජනාවත් දෙන්නෙ නෑ. සේමසිංහලා දන්නවා ටක්කෙටම පරදිනවා, ඒ නිසා බොහෝ අය දැන් වේදිකාවට එන්නෙ නැතුවම බැහැලා යනවා”

වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...