ගම්පහ කාබන් කර්මාන්ත ශාලාවක පිපිරීමක්!

0
546

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ (LNW):

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් එක් අයෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලැබූ බව වාර්තා වේ. කර්මාන්ත ශාලාවේ බොයිලේරුව අධික ලෙස රත්වීමෙන් මෙම පිපිරීම සිදුව ඇති බවට පොලීසිය සැක පළකරයි.

තුවාලකරුවන් මීගමුව සහ කොළඹ රෝහල් වෙත ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.