මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු 3 කට සිරදඩුවම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ (LNW):

ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු 3 දෙනෙකුට අධිකරණය සිරදඩුවම් නියම කළ අතර ඒ, ආදායම් බදු පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ, ඔවුන්ට මාස 6ක සිර දඩුවම් නියම කිරීමටයි. රජයට අයවිය යුතු රුපියල් බිලියන තුනයි දශම පහක බදු මුදල් පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණා.