ශානිගේ පත්කිරීම ගැන ප්‍රශ්නයක් නම් මෙන්න ඇමති විජිතගේ උත්තරය!

Date:

කොළඹ LNW: විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා යළි පොලිස් සේවයට එක්කර ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ බෙදුණු මත ඉදිරිපත් වෙන අකාරය දක්නට ලැබුණු අතර ඇතැම් පාර්ශව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඇතුළුව පැවසුවේ ඔහු පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ පැහැදිලි ලෙසම ජාතික ජන බලයේ වේදිකාවේ දක්නට ලැබුණු හෙයින් එම පත්කිරීම ඖත් දේශපාලන සංස්කෘතියකට ගැළපේද යන කාරණයයි.

මේ සම්බන්ධයෙන් අද (15) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අවධානයට ලක්වූ අතර විවාදයට තුඩු දී තිබෙන එම පත්කිරීම ගැන මාධ්‍යවේදියෙකු කළ විමසීමට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පැහැදිලි කිරීමක් කරන ලදී.

ඒ අනුව,

”එවැනි දක්ෂ නිලධාරියෙක්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වෙනවා විශේෂයෙන් පාස්කු ප්‍රහාරය වැනි සිදුවීමක් ගැන පරීක්ෂණ කරන්න. ඒ වගේම පහුගිය කාලයේ වෙච්ච බරපතල අපරාධ සම්බන්ධයෙන් ඔහු පරීක්ෂණ කරමින් තිබුණා. 2019 ජනාධිපතිවරණයෙන් දවස් තුනකට පස්සේ පළමුවෙනි ගොදුර බවට පත්වුණේ ඔහු. කිසිම හේතුවක් නැතුව. ඇත්තටම ගත්තොත්ප ඔහු ළිගැනීමට ලක්වුණ නිලධාරියෙක්. එවැනි නිලධාරියෙක්. මේ රටේ ජනතාව වෙනුවෙන් ඉතාම සාධාරණව,අපක්ෂපාතිව පරීක්ෂණ පවත්වාගෙන ගිය කෙනෙක්. ඔහු සතුව ඉතා විශාල තොරතුරු,දත්ත සහ හැකියාවන් ප්‍රමාණයක් තියෙනවා. එවැනි කෙනෙක්ගේ සේවය ලබාගැනීම රටට ජනතාවට විශාල වාසියක් වෙනවා. එවැනි අර්ථයෙන් තමයි අපි ඔහුව ඒ පරීක්ෂණ කටයුතු සඳහා පත්කරනු ලැබුවේ.” යනුවෙන් විජිත හේරත් මහතා පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...